SLCS
විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකක් වාර්තා කිරීමට කෙන් විලියම්සන් සමත් විය.

නවසීලන්තයේ හැමිල්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ වාර්තා කරන ලද ද්විත්ව ශතකය විලියම්සන්ගේ තෙවැනි ද්විත්ව ශතකය වන අතර හොඳම ඉනිම ද වේ. ඔහු මීට පෙර බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතක වාර්තා කළ අතර ඒ අතුරින් මෙතෙක් හොඳම ඉනිම ලෙසින් සටහන් වූයේ ශ්‍රි ලංකාවට එරෙහිව වෙලින්ටන් හිදී 2015 ජනවාරියේ නොදැවි ලබාගත් ලකුණු 242යි.

මේ වන විට ද තරගය ක්‍රියාත්මක අතර පළමුවෙන් පන්දුවට පහර දුන් නවසිලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 519ක් ලබා ඉනිම අත්හිටවු අතර පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක කෙදෙව්වෝ කඩුලු 5ක් දැවි ලකුණු 119ක් සිටිය හ.