ජාතික තේරීම් කමිටු සාමාජිකයන් විසින් පසුගිය කාලයේ දී තෝරා ගන්නා ලද ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටුවට ක්රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමි වී ඇත.
7 දෙනෙක්ගෙන් යුත් මෙම තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසින් නම් කර ඇත්තේ අසන්තා ද මෙල් මහතා ය. ඔහු මීට පෙර ද මේ තනතුරේ කටයුතු කළේය.
ඔහුට අමතර ව, චමින්ද මෙන්ඩිස්, ප්රමෝද්ය වික්රමසිංහ, හේමන්ත දේවප්රිය, රංජිත් මදුරසිංහ, උවායිස් කර්නයින් සහ නිල්මිණි ගුණරත්න යන මහත්ම මහත්මින් මෙම කමිටුවට ඇතුලත් ය.