නවසීලන්තයේ ඇන්ඩර්සන් ඇමෙරිකාවට

    2020-12-06 10:34   |    Views : 585

By Editorial

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වේගවත් ම ශතකයේ හිමිකරු ලෙසින් කලක් සිටි නවසීලන්තයේ කොරී ඇන්ඩර්සන් එරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාව හා එක්වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ඔහු, පාකිස්තානයේ සහීඩ් අෆ්රිඩි විසින් 1996 දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 37කින් රැස් කළ ශතකයේ වාර්තාව 2014 දී තමන් සතු කර ගන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දු 36කින් වාර්තා කරමිනි. නමුත් මේ වාර්තාව 2015 වසරේ දී බිඳ දැමීමට දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියස් සමත් වීමත් සමගින් ඔහු මෙම ලැයිස්තුවේ දෙවැනි තැනට පත් වූයේය.

29 හැවිරිදි ඇන්ඩර්සන් නවසීලන්තය නියෝජනය කරමින් ටෙස්ට් තරග 13කට එක්දින තරග 49කට සහ විස්සයි/20 තරග 31කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේ වනවිට ඇමෙරිකාවේ පුරවැසි  බාවය අපේක්ෂාවෙන් සිටී. ඒ අනුව ඔහු ඉදිරියේ දී ඇමෙරිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් නැවත ක්‍රිකට් පිටියේ දී දකිනු හැකි වෙතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.  

Share on Facebook Share on WhatsApp Share on Viber