
වට්මෝර් නේපාල කණ්ඩායම හා එක්වේ
-
2020-12-18 10:54 |
Views : 592
By Editorial
නේපාලයේ ක්‍රිකට් ජාතික පුහුණුකරු ලෙසින් ඩේව් වට්මෝර් මහතා පත් කර තිබේ. නේපාල කණ්ඩායම 2022 වසරේ දී විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීම ඔහුට පැවැරෙන ප්‍රධාන කාර්යයි.
“ඔහු මේ අභියෝගය බාර ගනීවි. නේපාලය සතුව දක්ෂ, යොවුන් ක්‍රිඩකයන් රාශියක් ඉන්නවා. ඔහුට පැවැරෙන්නේ ඔවුන් යහපත් තැනකට ගැනිමයි.” නේපාල ක්‍රිකට් සංගමය පවසා තිබුණි.
1996 වසරේ ශ්‍රී ලංකාව පළමුවරට ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගන්නා විට කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් සිටියේ වට්මෝර් මහතා ය. ඊට අමතර ව ඔහු බංග්ලාදේශය, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල ද ජාතික පුහුණුකරු ලෙසින් කටයුතු කළේය.
Share on Facebook Share on WhatsApp Share on Viber