මොහොමඩ් අමීර් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
-
2020-12-18 10:56 |
Views : 509
By Editorial
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators කණ්ඩායම නියෝජනය කළ පාකිස්තානයේ වමතින් වේග පන්දු යවන 28 හැවිරිදි මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බැව් ප්‍රකාශ කර ඇත.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එල්ල වෙන මානසික පීඩනය දරා ගැනීමට අපහසු බැවින් තමන් මේ තීරණය ගන්නා බවයි ඔහු පවසන්නේ.
“පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළා ඇති. නවසීලන්ත තරග සංචාරය සඳහා නම් කළ 35 දෙනාගේ සංචිතයටවත් මම නැහැ. මම හිතන්නේ එය මට ලද පළමු සංඥාව කියලයි. ඉදිරියේ දී මම මගේ කාලය ලීග් ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් වැය කරනවා.” අමීර් පවසා තිබුණි.
පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 36ක දී කඩුලු 119ක් ද එක්දින තරග 61ක දී කඩුලු 81ක් ද සහ විස්සයි/20 තරග 50ක දී කඩුලු 59ක් ද දවා ගෙන ඇති අමීර් පළමු පෙළ තරග 67ක දී කඩුලු 260ක් ලබා ඇත.
2010 වසරේ දී තරග පාවාදීමේ චෝදනාව යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අමීර්ට වසර 5ක ක්‍රිකට් තහනමකට ද ලක් කළේ ය.
Share on Facebook Share on WhatsApp Share on Viber