දෝනි ක්‍රිකට් පිටියෙන් සමු ගනී

    Views : 438

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (15) ප්‍රකාශ කළේ ය.

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී චරිතයක් වන දෝනි, 2007 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය, 2011 වසරේ එක්දින ලෝක කුසලානය සහ 2013 වසරේ දී චැම්පියන්ස් කුසලානය ද තම රට වෙනුවෙන් දිනා දීමට සමත් වූ නායකයෙකි.

2005 වසරේ සීතල දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් දෝනි සමුගන්නා විට ටෙස්ට් තරග 90කට එක්දින ජාත්‍යන්තර තරග 350කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 98කට මුහුණ දුන්නේ ය.

ටෙස්ට් තරග දිවියේ ඉනිම 297කටමුහුණ දි ඇති දෝනි ලකුණු 4876ක් ලබා ගන්නේ ශතක 6ක් සහ අර්ධ ශතක 33ක් වාර්තා කරමිනි. ඔහුගේ හොඳම ඉනිම වන්නේ චෙන්නායි à·„à·’ දී à¶•à·ƒà·Šà¶§à·Šâ€à¶»à·šà¶½à·’යාවට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 224යි. එය ඔහුගේ එක ම ද්විත්ව ශතකය ද වන්නේ ය.

එක්දින තරග පිටියේ ඉනිම 297කදී පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස ඇති දෝනි ශතක 10ක් සහ අර්ධ ශතක 73ක් සමග ලකුණු 10773ක් රැස් කරගෙන සිටියේය. ඔහුගේ හොඳම ඉනිම වන්නේ ජායිපූර් à·„à·’ දී ශ්‍රී à¶½à¶‚කාවට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 183යි. පන්දු 145කින් සමන්තවූ එම ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහර 10ක් ද ඇතුලත් වූයේ ය.

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දෝනි රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1617කි.

කඩුලු රකින්නෙක් ලෙසින් ද සාර්ථක ගමනක් ගිය දෝනි ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ දවා ගැනීම 829කට දායක වි ඇත. එහිදී උඩ පන්දු 634ක් සහ කඩුල්ල බිඳ දැමීම් 195ක් ලෙසින් එම දවා ගැනීම් වෙන් වේ.

ඉන්දියාව වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට නායකත්වය දුන් අය අතර පළමු වැනියා වන දෝනි තරග 60ක දී à¶‰à¶±à·Šà¶¯à·“ය කණ්ඩායම මෙහෙයවා ඇත. ඉන් තරග 27ක් ජයග්‍රහණය කරන අතර තරග 18ක් පරාජය වී ඇත. තරග 15ක් ජය පරාජයෙන් තොරව අවසන් à·€ ඇත.

එක්දින තරගවල දී ද ඉන්දියාව වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවක් මෙහෙයවා ඇත්තේ දෝනි ය. ඔහු තරග 200කට නායකත්වය දෙමින් ඉන් තරග 110ක් ජයග්‍රහණය කිරීමට සමත් ව ඇත. පරාජය වී ඇති තරග සංඛ්‍යාව 74ක් වන අතර විසඳුමකින් තොරව අවසන් වූ තරග 11ක් ද ඒ අතර වේ. ලකුණු සමවූ තරග සංඛ්‍යාව 5කි.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී ද ඉන්දියාව වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවක් මෙහෙයවීමේ වාර්තාව සතු වෙන්නේ දෝනිට ය. ඔහු තරග 72කට නායකත්වය දෙමින් ඉන් තරග 41ක් ජයග්‍රහණය කර ඇත. තරග 28ක් පරාජය වී ඇති අතර ලකුණු සම වීමෙන් එක් තරගයක් අවසන් ව ඇති අතර තරග 2ක් විසඳුමකින් තොරව අවසන් ව ඇත.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තෝරනු ලබන වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය පිට පිට වසර ද්විත්වයක් දිනා ගැනීමට දෝනි සමත් වූයේ ය. ඒ එම සම්මාන ඒ ආකාරයෙන් ලබා ගත් පළමු වැන්නා වෙමිනි. ඔහු මෙසේ සම්මානයට පාත්‍ර වුයේ 2008 සහ 2009 වසරවල ය.

දෝනි ඉන්දීය ක්‍රිකට් පිටියට කරනු ලැබූ à·ƒà·šà·€à¶º වෙනුවෙන් 2007 වසරේ දී රජීව් ගාන්ධි රත්න, 2009 වසරේ දී පද්ම ශ්‍රී à·ƒà·„ 2018 වසරේ දී පද්ම භාෂණ සම්මානවලින් ද පුදනු ලැබුවේ ය.

@ JP

Share on Facebook Share on WhatsApp Share on Viber