
ජෝ රූට් තෙවැන්නා වෙයි
-
2021-02-10 23:37 |
Views : 659
ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ චෙන්නාහිදි පැවති පළමු තරගයේ පළමු ඉනිමේ ද්විත්ව ශතකයක් (218) ලබා ගත් එංගලන්ත නායක ජෝ රූට් අයි.සී.සී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පස්වෙනි ස්ථානය සිට තුන්වෙනි ස්ථානය දක්වා ඉහල නංවා ගැනීමට සමත් විය. එහෙත් මෙම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණෙහි තවමත් රැඳී සිටින්නේ නවසීලන්ත නායක කේන් විලියම්සන් විසිනි. තවද මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වු ඉන්දියානු නායක විරාට් කෝලි තම හතරවෙනි ස්ථානය අහිමි කර ගත් අතර තරගය අවසන් වන විට ශ්‍රේණිගත කිරීම්වල පස්වෙනි ස්ථානය කරා පසුබැස තිබුණි.
BY IUW
Share on Facebook Share on WhatsApp Share on Viber