ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවාලීම

    2021-02-12 23:45   |    Views : 623

මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙහි ක්‍රීඩකයන් විවිධ ආබාධවලට ලක්වීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවාලීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දුන් කිලෝමීටර 2ක් මිනිත්තු 08 යි තත්පර 35 කින් දිවීමේ යෝග්‍යතා පරීක්ෂණය අද දින (පෙබරවාරි 12) සුගතදාස ක්‍රීඩාංගණයේ්දි පැවැත්වුණි.

 

මෙම පරීක්ෂණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් සංචිත කළ ක්‍රීඩකයන් 36 දෙනා අතරින් 32 දෙනෙකු සහභාගි වු අතර යම් කිසි ක්‍රීඩකයෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත් තව දින 40 කින් මෙවැනි පරීක්ෂණයක් පැවැත්විය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමෙහි භෞතික කාර්ය සාධන කළමනාකරු ග්‍රාන්ට් ලුඩන් මහතා පවසන ලදි.

 

By IUW

 

 

Share on Facebook Share on WhatsApp Share on Viber