චේතන් චෞහාන් සමුගනී

    Views : 492

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කට සහ එක්දින ජාත්‍යන්තර තරග 7කට සහභාගී වූ චේතන්ද්‍ර ප්‍රතාප් සිං චෞහාන් හෙවත් චේතන් චෞහාන් Covid 19 වෛරසය ආසාදනය ද හේතුවෙන් මිය ගිය බැව් ඉන්දිය ක්‍රිකට් පාලකය මණ්ඩලය ඊයේ (16) ප්‍රකාශ කළේ ය.

දකුණත් පිතිකරුවෙක් ලෙසින් ටෙස්ට් ලකුණු 2084ක් ද එක්දින ලකුණු 153ක් චෞහාන් වාර්තා කර ඇත. ටෙස්ට් තරග පිටියෙන් සමුගන්නා විට ලකුණු 2000කට වැඩියෙන් රැස් කරන ලද ක්‍රීඩකයන් අතුරින් ශතකයක් නොමැතිව සමුගත් අවාසනාවන්ත ක්‍රීඩකයන් අතර ද චෞහාන් රැදී සිටී. ඔහුගේ හොඳම ඉනිම වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව 1981 දී රැස් කරන ලද ලකුණු 97යි. එම ඉනිම වෙනුවෙන් චෞහාන් පන්දු 227ක් වැය කරන්නේ ය.

රංජි කුසලානයේ අමතක නොවන චරිතයක් වන චෞහාන් 1972-73 තරගාවලියේ දී මහරාස්ට්‍ර ප්‍රාන්තය නියෝජනය කරමින් ලකුණු 873ක් ලබා ගන්නා අතර එය එම තරග වාරයේ වැඩිම ලකුණු අතර දෙවැනි ස්ථානය ගත්තේ ය. චෞහාන් හා මධූ ගුප්තා එක්ව පළමු කඩුල්ලට ලකුණු 405ක සබඳතාවක් එක් කිරිම ද රංජි කුසලාන තරග ඉතිහාසයේ ඉහළින් ම රැදි ඇත. 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව දිල්ලි ක්‍රිකට් සංගමය හා එක්වෙන චෞහාන් එහි ප්‍රධාන නිලධාරියෙක් ලෙසින් ද කාලයක් කටයුතු කළේය. ඒ අතර වාරයේ ඉන්දීය කණ්ඩායමේ කළමණාකරු ලෙසින් ද වරක් කටයුතු කර ඇත.

භාරතිය ජනතා පක්ෂයෙන් දේශපාලනයට ද පිවිසෙන චෞහාන්උත්තර ප්‍රදේශ රජය අවස්ථා දෙකක දී  à¶±à·’යෝජනය කරන්නේ ය. එමෙන් ම වරෙක එහි යොවුන් සහ ක්‍රීඩා ඇමැති ලෙසින් ද කටයුතු කළේ ය. චෞහාන් ඉන්දීය ලොක් සභා මන්ත්‍රීවරයෙක් ලෙසින් ද කටයුතු කර ඇත.

ඉන්දිය ක්‍රිකට් පිටියේ සුවිශේෂි චරිතයක් වන සුනිල් ගවස්කාර්ගේ හොඳම ආරම්භක පිතිකරු සහායකයා ලෙසින් ද සැලකුණු චෞහාන් මිය යන විට 73 වැනි වියේ පසු විය.

@ JP

Share on Facebook Share on WhatsApp Share on Viber