SLCS
රවිචන්ද්‍රන් අශ්වින් දෙවන ටෙස්ට් තරගය දිනවයි.

රවිචන්ද්‍රන් අශ්වින් දෙවන ටෙස්ට් තරගය දිනවයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර චෙන්නායිහි අවසන් වු (පෙබරවාරි 16) දෙවන ටෙස්ට් තරඟය ලකුණු 317 ජයක් ලබාගැනීම ඉන්දියානු කණ්ඩායම සමත් විය . දෙවැනි ඉනිමේ ලකුණු 106 ලබාගත් රවිචන්ද්‍රන් අශ්වවින් පන්දු යවමින් තරඟය පුරා ලකුණු 96ට කඩුලු 08 ලබාගනිමින් එංගලන්ත කණ්ඩායමට දැඩි තර්ජනයක් විය. හතරවෙනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 482 අසීරු ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කණ්ඩායමට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 164ක් පමණි. තරඟයේ පළමුවෙන ඉනිම සඳහා ඉන්දියානු කණ්ඩායම ලකුණු 329 ලබාගත් අතර එහිදී රොහිත් ෂර්මා ලකුණු 161ක් ලබා ගනිමින් තම ටෙස්ට් දිවියේ හත්වන ශතකය වාර්ථා කරන ලදි.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් මුයින් අලී පළමු ඉනිමෙ සහ දෙවන ඉනිමෙ කඩුලු 4 බැගින් ලබා ගන්නා ලදී.මෙම තරඟයේදී ටෙස්ට් වරම් දිනාගත් අක්ස පටෙල් තරඟය පුරා කඩුලු 07ක් ලබගැනීමට සමත් විය .

 

ඉන්දියානු පළමු ඉනිම 329 පන්දු වාර 95.5

 

රොහිත් ෂර්මා 161,අජින්ක්‍යා රහනේ 67,රිෂාබ් පන්ට් නොදැවී 58,ජැක් ලීච් 78/2,මුයින් අලී 128/4

 

එංගලන්ත පළමු ඉනිම 134 පන්දු වාර 59.5

බෙන් ෆෝක්ස් නොදැවී 42,රවිචන්ද්‍රන් අශ්වවින් 43/5,ඉෂාන්ත් ෂර්මා 22/2

 

ඉන්දියානු දෙවැනි ඉනිම 286 පන්දු වාර 85.5

 

රවිචන්ද්‍රන් අශ්වවින් 106,විරාට් කෝලි 62,ජැක් ලීච් 100/4,

මුයින් අලී 98/4

 

එංගලන්ත දෙවැනි ඉනිම 164 පන්දු වාර 54.2

ජෝ රූට්  33,මුයින් අලී 43,රවිචන්ද්‍රන් අශ්වවින් 53/3,අක්ස පටෙල් 60/5