SLCS
ෆෆ් ඩු ප්ලෙසිස් ටෙස්ට් ක්‍රිකට් තරගවලට සමුදෙයි.

ෆෆ් ඩු ප්ලෙසිස් ටෙස්ට් ක්‍රිකට් තරගවලට සමුදෙයි.

දකුණු අප්‍රිකානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දකුණත් පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් ටෙස්ට් ක්‍රිකට් තරග රටාවට සමුදීමට තීරණය කර ඇත. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 69කට සහභාගි වී ඇති ඩු ප්ලෙසිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරග 36 ට නායකත්වය දරා ඇත.

 

ටෙස්ට් තරග 69 තුළ ශතක 10ක්ද, අර්ධ ශතක 21ක් සමගින් ලකුණු 4163 ලබා ඇති මෙම දකුණත් පිතිකරු  ටෙස්ට් ක්‍රිකට්වලට සමුදෙත විට තරගයක සාමාන්‍ය 40.02 ලෙස සටහන්ව ඇත.

ඩු ප්ලෙසිස් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ්හිදී ටෙස්ට් වරම් හිමිකර ගත් අතර එහිදී පළමු ඉනිමේ ලකුණු 78ක්ද දෙවන ඉනිමේ  නොදැවී 110 ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය තමා සතු කරගන්නා ලදි. ටෙස්ට් දිවියේ ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 199 දැක්විය හැක.

ෆෆ් ඩු ප්ලෙසිස් සමුගනිමින් ප්‍රකාශ කළ සිටියේ “තමා ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් විස්සයි-20 තරග වලට ප්‍රමුඛතාවය ලබා දීමට” මෙම තීරණය ගන්නා බවයි.