
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යක්ෂක ටොම් මූඩි
-
2021-03-01 10:16 |
Views : 620
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව මාර්තු 01 වැනිදා සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මූඩිගේ රාජකාරි අතරට අනාගත සංචාරක වැඩසටහන් විශ්ලේෂණය කිරීම, දේශීය තරගාවලියේ ව්‍යුහය, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්යය මණ්ඩලයේ ව්‍යුහය මෙන්ම ඉහළ කාර්යය සාධන සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
මේ වන විටත් 55 වැනි වියේ පසුවන මූඩි මහතා 2005 වසරේ සිට 2007 වසර දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දක්වා ශ්‍රී ලංකා පිල රැගෙන යෑමට සමත්වූවේය.
උපුටාගැනීම
ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය
Share on Facebook Share on WhatsApp Share on Viber