පාකිස්තානයට එරෙහි T20ට ඩේවිඩ් විලී කැඳවයි

    Views : 334

මේ මස 28 වැනිදා ආරම්භ වන එංගලන්ත - පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එංගලන්තය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් විලී කැඳවා ඇත. විලි පසුගියදා අයර්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමේ නායකයා ද වූ අතර තරගාවලියේ ද වීරයා ද විය.

30 හැවිරිදි විලී එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග 28කට මුහුණ දෙමින් මේ දක්වා ලකුණු 166ක් සහ කඩුලු 34ක් ලබා ඇත. කෙසේ වෙතත් ඩේවිඩ් විලී විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වෙනුවෙන් අවසන් වරට සහභාගී වී ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේ දී ය.

මේ අතර එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ දිනවල ටෙස්ට් තරගවලට සහභාගී වන ක්‍රීඩකයන් හය දෙනෙක්ට ම විවේක ලබා දීමට තීරණය කර ඇත. ඒ ජෝ රූට්, ක්‍රිස් වෝක්ස්, ජොෆ්රා ආචර්, සෑම් කරන්, මාර්ක් වුඩ් සහ ජොස් බට්ලර් ය.

තරගාවලිය අගෝස්තු මස 28, 30 සහ සැප්තැම්බර් මස 01 වැනි දිනවල පැවැත්වෙන අතර සියලුම තරග මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දි පැවැත්වීමට නියමිත ය.

එංගලන්ත සංචිතය

ඔයින් මෝගන් (නායක) මොයින් අලී, ජොනතන් බෙයාර්ස්ටොව්, ටොම් බැන්ටන්, සැම් බිලින්ග්ස්, ටොම් කරන්, ජෝ ඩෙන්ලි, ලුවිස් ග්‍රෙගරි, ක්‍රිස් ජෝර්දාන්, සකිබ් මොහොමඩ්, ඩේවිඩ් මාලන්, ආඩිල් රෂීඩ්, ජෝසන් රෝයි සහ ඩේවිඩ් විලි

@ JP

Share on Facebook Share on WhatsApp Share on Viber