දනාල් හේමානන්දගේ සහ ලහිරු දවටගේ සටන්කාමී ඉනිම සහයෙන් ශාන්ත පීතර විද්‍යාලයට ශූරතාවය.

    2022-04-19 18:33   |    Views : 595

දනාල් හේමානන්දගේ (36)සහලහිරු දවටගේ (43)දියත් කල සටන්කාමී ඉනිමත්,අභිලාෂ් දිනකරගේ (19/3) දක්ෂ පන්දු යැවීමත් සමගින් ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලැබූ( SLSCA U19 Cricket Tournament 2021-2022 (Div I) Tier B ) තරගාවලියේ අවසන් තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලය කඩුලු 03 කින් පරාජය කරමින් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ශූරතාවය හිමිකර ගැනීමට අද (19දා) සමත් විය. මෙම තරගය කොළඹ පොලිස් මූලස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු අතර අද උදෑසන සිට ඇද හැලුණු වර්ශාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 26 කට සීමා විය.

තරගාවලිය පුරා අපරාජිතව සිටි ශාන්ත පීතර පිතිකරුවන් ලකුණු 132 ක ඉලක්කයක් හඹා යාමට පිවිසියත් එය එතරම් පහසු කාර්යයක් නොවන බව ඔප්පු කරමින් නිපුන් ප්‍රේමරත්න විසින් ශාන්ත පීතර මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 10 කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.එහෙත් සටන අත් නොහැරූ ලහිරු දවටගේ සහ වනුජ සහන් කුමාර සිව්වන කඩුල්ලට ලකුණු 35 ක් එක් කරන විට වනුජගේ (18) කඩුල්ල තේනුක දේවප්‍රිය විසින්ද ඉන්පසු පැමිණි නවක පිතිකරු නිමුතු ගුණවර්ධන ලකුණු නොලබාම දවා ගත් තනුග පලිහවඩන ප්‍රමුඛ තර්ස්ටන් ක්‍රීඩකයන් තරගයේ වාසිය ඔවුන් දෙසට හරවා ගැනීමට සමත් විය.

එහෙත් ලහිරු දවටගේ පන්දු 46 කින් ලකුණු ලකුණු 43 ක් රැස් කිරීමත් සමගින් ශාන්ත පීතරයන් තම ජයග්‍රහනය පන්දුවාර 23.4 කදී කඩු 07 ක් දැවී ලගාකර ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේදී නිපුන් ප්‍රේමරත්න ලකුණු 22 කට කඩුලු 05 ක් දවා ගත්තේය.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇරයුම් කල අතර එහිදී පන්දුවාර 26 කදී සියලුම දෙනා දැවී ලකුණු 131 ක් රැස් කල අතර එහිදී භවන්ත ජයසිංහ හයේ පහර 04 ක්ද හතරේ පහර 02 ක් සමගින් පන්දු 42 කදී ලකුණු 53 ක් රැස් කළේය.දක්ෂ පන්දු යැවීමක නිරත වූ අභිලාෂ් දිනකර (19/3),ෂෙනන් රුද්‍රිගු (16/2) ලෙසට ඔවුන් දෙදෙනාගේ පන්දුවාර 05 අවසන් කලහ.

තර්ස්ටන් විද්‍යාලය 131/10 (ප.වා 26) -බවන්ත ජයසිංහ 53,තරිඳු හර්ෂණ 21,තේනුක දේවප්‍රිය 20‍, අභිලාෂ් දිනකර 19/3,ෂෙනන් රුද්‍රිගු 16/2,නිමුතු ගුණවර්ධන 17/1,දනාල් හේමානන්ද 28/1

ශාන්ත පීතර විද්‍යාලය 136/7 (ප.වා 23.4)- ලහිරු දවටගේ 43 වනුජ සහන් කුමාර 18,දනාල් හේමානන්ද 36‍,නිමන් උමේෂ් 16‍,නිපුන් ප්‍රේමරත්න 22/5,තේනුක දේවප්‍රිය 15/1


Share on Facebook Share on WhatsApp Share on Viber