SLCS
ශ්‍රී ලංකාව නිසා මුස්ටෆිසුර්ට IPL  නෑ

ශ්‍රී ලංකාව නිසා මුස්ටෆිසුර්ට IPL නෑ

ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසුර් රහ්මාන්ට ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරට ක්‍රිකට් පාලක සභාව තීරණය කර ඇති බැව් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හැරී à¶œà¶»à·Šà¶±à·’ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංගගේ පුරප්පාඩු වෙනුවෙන් මුස්ටෆිසූර්ට මේ ආරාධනා ලැබී ඇත. එහෙත් ලසිත් මාලිංග වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජේම්ස් පැටින්සන් නම් à¶šà¶» තිබුණ à¶…à¶­à¶» මෙතෙක් නියිට් රයිඩර්ස් කණ්ඩායමේ පුරප්පාඩුව පුරවා නැත.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්විමට නියමිත ය.

@ JP