SLCS
කවිජගේ උත්සාහය අපතේ යයි.

කවිජගේ උත්සාහය අපතේ යයි.

ශ්‍රීලංකා වයස අ.වු 19 න් පහළ යොවුන් පිලෙහි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 12 පරාජයක් ශ්‍රීලංකා හිමිවිය.එහෙත් මෙම තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් සංචාරයට සහභාගි වන කවිජ ගමගේ පන්දු 104 කින් හයේ පහර 3 කින් සහ හතරේ පහර 14 කින්  විශිෂ්ට ශතකයක් (123) රැස් කළේය.
මෙම තරගය කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (30) දා පැවති අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් යොවුන් පිල පන්දුවාර 49.5 කදී සියලුම දෙනාදැවී 256 ක් රැස් කල අතර සත්කාර පිල වෙනුවෙන් ජොනතන් වැන් ලැන්ජ් පන්දු 94 කින් ලකුණු 83 ක් ලබා ගත්තේය. විග්නේෂ්වරන් ආකාෂ් (4/33) දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ලකුණු හඹාගිය ශ්‍රීලංකා යොවුන් පිල වෙනුවෙන් හුදකලා සටනක නිරත වු කවිජ ගමගේ (123) හට පිතිකරණයෙන් සහය දුන් ආදම් හිල්මි (40) තම පිලට එක් අවස්ථාවක ජයග්‍රහී බලාපොරොත්තුවක් ගෙන ආවේය.එක අවස්ථාවක කඩුලු 5 ක් අතැතිව පන්දු 39 කින් ලකුණු 32 අවශ්‍යව තිබුණි.එහෙත් ඔවුන් දෙදෙනා දැවීගිය පසු කොදෙව්වන් තරගය සිය පාලනයට ගනිමින් සියලුම පිතිකරුවන් පන්දු 10 ක් ඉතිරිව තිබියදී ලකුණු 244 කට දවා ගැනීමත් සමගින් තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු ජය සත්කාරක පිලට හිමි විය. 
කොදෙව් යොවුන්  පිල ප.වා 49.5 කදී සියලුම දෙනා දැවී 255 යි.-කාටර් 31,ආඩියන් රාචා 25,ජොනතන් වැන් 83,විග්නේෂ්වරන් ආකාෂ් 4/33

ශ්‍රීලංකා යොවුන් පිල ප.වා 48.2 කදී සියලුම දෙනා දැවී 244 යි-සෙනුජ වැකුණගොඩ 21,චාමික හීනටිගල 22,ආදම් හිල්මි 40,කවිජ ගමගේ 123,ජැකීම් පොලාර්ඩ් 3/34,මැතිව් මිලර් 2/59,ආඩියන් රාචා 2/41