කවිජ ගමගේ විශිෂ්ට දක්ෂතා දක්වයි

    2024-12-28 09:11   |    Views : 169

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ (U19 DIVISION II TWO DAY TOURNAMENT 2024/25 - TIER B) අද අවසන් වු කෑගලු විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය තරගයේදී කවිජ ගමගේගේ විශිෂ්ට දක්ෂතාවයෙන් කිංග්ස්වුඩ් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 72 ක ජයක් හිමි විය.
බෝයගනේ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී කවිජ ගමගේ පන්දු 124 කින් ලකුණු 161 ක් (හයේ පහර 7 යි හතරේ පහර 17) රැස් කළේය.පන්දු යැවිමේදීද ඔහු පළමු ඉනිමේ (8/53) සහ දෙවන ඉනිමේ (6/46) ලෙසට දක්ෂතා දැක්වීය.

කෑගලු විද්‍යාලය, කෑගල්ල මුල් ඉනිම සියල්ල දැවී 187 (පන්දුවාර 61.3)-ගෞරව තේජාන් 48,කෞශල්‍ය බණ්ඩාර 53,ඩිල්ෂාන් දිසානායක 34,කවිජ ගමගේ 8/53

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය මුල් ඉනිම කඩුලු හයක් දැවී ඉනිම අත් හිටවන ලදි 367/6 (පන්දුවාර 69.5)- කවිජ ගමගේ 161,චනුල් කොඩිතුවක්කු 87,මනුල විජේතුංග 33,නිකේෂල නානායක්කාර 23,ශෂින් මැදගෙදර 2/101

කෑගලු විද්‍යාලය, කෑගල්ල  ඉනිම සියල්ල දැවී 108 (පන්දුවාර 45.1)-ගෞරව තේජාන් 25,ශෂින් මැදගෙදර 19,කවිජ ගමගේ 6/46,උපාදි ජයවර්ධන 2/16

Share on Facebook Share on WhatsApp Share on Viber