ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් හා සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ යුත් ක්‍රිකට් තරගාවලියේ කොළඹ දකුණ පිල පරාජය කරමින් ශූරතාවය හිමිකර ගැනීමටත් කොළඹ උතුරු කණ්ඩායම අද (29) දිනයේ සමත් විය.මෙම අවසන් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
පළමුව පන්දුවට පහරදුන් කොළඹ උතුරු පිල පන්දුවාර 36 යි පන්දු 5 කදී සියලුම දෙනා දැවී ලකුණු 164 ක් රැස්කර ගන්නා විට පන්දු 74 කින් ලකුණු 59 ක් ලබාගත් සන්තුල් විජේරත්න උතුරු පිලෙහි නැංගුරම බවට පත්වන විට මිහින් සොයිසා (20) සහ ලහිරු ලක්මාල් (27) බැගින් රැස් කළහ.පන්දු යැවීමේදී රුසඳු සිල්වා (4/16) ක්ද ගිම්හාන් මෙන්ඩිස් සහ සෙහන්දු සූරියආරච්චි කඩුලු 2 බැගින් දවා ගත්හ.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 167ක හඹාගිය කොළඹ දකුණ පිලට ප.වා 26 යි පන්දු 4 දි සියලුම දෙනා දැවී ලබාගත හැකිවුයේ 133 කි.දක්ෂ පන්දු යැවීමක නිතර වු මිනුග නෙත්සර (4/37) කඩුලු ලබා ගත්තේය.දෙවන කඩුල්ලට රෙහාන් පීරිස් (37)සහ සීමන් අනුහස් (27) ලකුණු 59 සබඳතාවයක් පැවැත්වුහ. දෙවන කඩුල්ල ලකුණු 92 දී දැවීයන ගිය පසු ඉන් අනතුරුව දකුණ පිලෙහි අවසන් කඩුලු 8 ට ලකුණු 33 ක් ඇතුළත දැවී ගියේය.