SLCS
 ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

විස්සයි 20 ආසියානු කුසාලාන ක්‍රිකට් තරගාවලියේ  ඩුබායි හිදී (13) දා ශ්‍රී ලංකාව සහභාගි වු පළමු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව 2025 ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ කළ අතර පන්දු 32 ක් ඉතිරිව තිබියදී ලකුණු 140 ක ඉලක්කය කරා ළඟා විය.

 පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකාව,ලකුණු 53 කට කඩුලු 5ක් බිඳ වැටුණ මොහොතක හයවන කඩුල්ල සඳහා ශක්තිමත් සබඳතාවයකින් (83)  පසුව  කඩුලු 5 කට ලකුණු 139 කට රැස් කළේය.එහිදී ජැකර් අලි (පන්දු 34 කින් 41*) සහ ෂමිම් හොසේන් (පන්දු 34 කින් 42*)  ලබා ගත්හ.වනිඳු හසරංග කඩුලු 2 ක්ද නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර අතරේ එක කඩුල්ල බැගින් බෙදී ගියහ.

හඹා යාමේදී, පැතුම් නිශ්ශංක පන්දු 34 කින් වේගවත් ලකුණු 50 ක්ද නොදැවී පන්දු 32 කින් ලකුණු 46 ක් ලබා ගනිමින් කමිල් මිෂාර  ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේ අතර තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින්ය.මෙහිදී පැතුම්ගේ ඉනිමත් සමග ඔහු ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 2,000 කඩඉමට පැමිණීමට හැකිවිය.

මෙම ජයග්‍රහණයත් සමග B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

බංග්ලාදේශය ප.වා 20 කදී 5 කට 139 යි-ජැකර් අලි නොදැවී 41,ෂමිම් හොසේන් නොදැවී  42,වනිඳු හසරංග 2/25

ශ්‍රී ලංකාව ප.වා 14.4 කදී 4 කට 140 යි-පැතුම් නිශ්ශංක නොදැවී 50,කමිල් මිෂාර නොදැවී 46,මහේදි හසන් 2/29