SLCS
පන්දු යවන්නෝ තෝමසුවන්ට ජය ගෙනෙති

පන්දු යවන්නෝ තෝමසුවන්ට ජය ගෙනෙති

පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ III කොටසේ තරගයකදී කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත් විය. මෙම තරගය දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලීය පළමු ඉනිමේදී මැතිව් සොලමන්ස් ලකුණු 46 කට කඩුලු 5 ක් ද, දෙවැනි ඉනිමේදී ශෙහාන් දම්සර ලකුණු 48 කට කඩුලු 7 ක් සහ චමෝද් නිම්නද ඉනිම දෙකේදීම කඩුලු 6 ක් ද (07/4 සහ 17/2) දවා ගනිමින් කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අනුනෙත් චලුනිත ලකුණු 63 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත්විය.  

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 111

(රෂේන් සස්මිත 37, පවන් මලීෂ 37, චමෝද් නිම්නද 07/4, මැතිව් සොලමන්ස් 46/5)

ශා.තෝමස් විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලුදෙනා දැවී ලකුණු 188

(ඩිලේන් ෆ්‍රෑන්ක් 28, චමෝද් නිම්නද 35, සේසත් ජයතිලක 31, නෙත්සර ගුණසේකර නොදැවී 33, ඉසිර උදිත් 42/3, අනුනෙත් චලුනිත 63/5)

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී ලකුණු 109

(මෙතුජ රන්දිලු 28, පවන් මලීෂ 25, ශෙහාන් දම්සර 48/7, දමෝද් නිම්නද 17/2)

ශා.තෝමස් විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුල්ලක් දැවී ලකුණු 35 ()