SLCS
කොළඹ මහානාම (බී) සහ පී ද එස් කුලරත්න අවසන් තරගයට

කොළඹ මහානාම (බී) සහ පී ද එස් කුලරත්න අවසන් තරගයට

ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් සංගමය මෙහෙය වනු ලබන වයස අ.වු 13 න් පහළ දෙවන කාණ්යේ අවසන් පූර්ව තරග ජය ගනිමින් කොළඹ මහානාම විද්‍යාලය (බී) කණ්ඩායම සහ පී ද එස් කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ එම කාණ්ඩයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, දියගම ජනවාරි 01
ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල, මතුගම මුල් ඉනිම 104/10 ප.වා (44.4)-ඉමෙත් සංජිත 18, තනුවර ගීමිත් 16,සිනෙත් මෙන්ඩිස් 3/14,සඳරු මලින්සා 3/14,තාරුක රන්මිර 3/14
පී ද එස් කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ 39/1 (ප.වා 17)-හිමාෂ දහම් නොදැවී 19,සෙනිත් නූපුර 1/11
අයහපත් කාළගුණයෙන් තරගය නතර කරන විට පී ද එස් කුලරත්න විද්‍යාලය ප්‍රසාද ලකුණු මට්ටම අනුව ඉදිරියෙන් සිටින බැවින් අවසන් තරගයට සුදුසුකම් ලබයි.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණය, පානදුර දිනය දෙසැම්බර් 30
මහානාම විද්‍යාලය, කොළඹ (බී) පිල මුල් ඉනිම 150/6 -දිනුග හෙට්ටිආරච්චිගේ 21,පිනිත්‍ර අභිමාන් 34,තෂ්මිලා චනුත් 21,තීක්ෂණ කවිඳු 1/25,හිරුන් ඉමිරක 1/24
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය මුල් ඉනිම 121/10 (ප.වා 45.3)- වෙනුෂ ඩිල්ෂාන් 25,හිරුන් ඉමිරක 18,තෂ්මිලා චනුත් 3/31,සතිල් සංකේත් 2/13

කොළඹ මහානාම විද්‍යාලය (බී) පිලට පළමු ඉනිමේ ජයක්