SLCS
මහින්ද විද්‍යාලයට කඩුලු 6 ක ජයක්

මහින්ද විද්‍යාලයට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අ.වු 19 න් පහළ division I -Tier A) සීමිත පන්දුවාර එක්දින තරගාවලියේ අද (15 දා) මොරටුව වේල්ස් කුමර ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 06 ක පහසු ජයක් හිමිවිය. 

වේල්ස් කුමර විද්‍යාලය ප.වා 42.1 කදී සියලුම දෙනා දැවී 128 යි- සුවස් ප්‍රනාන්දු 30,අරෝෂ උදයංග 4/16,මනිත රාජපක්ෂ 2/23,සෙහාස් අෂින්ස 2/30

මහින්ද විද්‍යාලය, ගාල්ල ප.වා 28.4 කදී කඩුලු 4 කට 129 යි-දුල්සිත් දර්ශන 45,රන්දුල මාබරණ 22,නෙතුල් අනුහස් 1/36,රුසඳු සිල්වා 1/12

මහින්ද විද්‍යාලයට කඩුලු 6 ක ජයක්.