SLCS
 B කාණ්ඩයේ පෙරමුණට ශ්‍රී ලංකාව

B කාණ්ඩයේ පෙරමුණට ශ්‍රී ලංකාව

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවති තරගයෙන් හොංකොං පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනට අනුව B කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් විය.

හඹා යාමේදී පළමු තරගයේදී මෙන්ම පැතුම් නිශ්ශංක පිතිකරණයේදී වැඩි දක්ෂතා දැක්විය ඔහු විසින් පන්දු 44 කින් හයේ පහර 2ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 68 ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 119 -127 දක්වා අතරතුර හොංකොං පිල කුඩුලු 4 ක් ලබා පීඩනයක් ලබාදුන් නමුත්  වනිඳු හසරංග පන්දු 9කින් වේගවත් ලකුණු 20 ලබා ගනිමින් තරගයේ පන්දු 7 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාට ජයගෙන එන ලදි.


ශ්‍රී ලංකා ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන්  හොංකොං කණ්ඩායම කඩුලු 4කට ගෞරවනීය ලකුණු 149ක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු අන්ෂි රාත් පන්දු 46 කින් ලකුණු 48 ක් රැස් කළේය.ඔහුට අමතරව නිසකට් ඛාන් පන්දු 38කින් ලකුණු 52ක් රැස් කර ගන්නා විට එය ඔහුගේ 12 වන විස්සයි 20 අර්ධ ශතකය වන අතර පුර්ණ සාමාජිත්වය හිමි රටකට ලබාගත් පළමු අර්ධ ශතකයයි.

හොංකොං පිල ප.වා 20 කදී 149/4 යි-අන්ෂි රාත් 48,නිසකට් ඛාන් නොදැවී 52,දුෂ්මන්ත චමීර 2/29,වනිඳු හසරංග 2/27,දසුන් ශානක 1/5 

ශ්‍රී ලංකා පිල ප.වා 18.5 කදී 153 යි-පැතුම් නිශ්ශංක 68,වනිඳු හසරංග නොදැවී 20,කුසල් පෙරේරා 20,යසිම් මුර්තාසා 2/37