හාර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව (DLS න්‍යායට අනුව) ලකුණු 59 කින් පරාජය කරමින් ඔවුන්ගේ ඉදිරි ගමනට පිවිසියේය.
ගුවහාටි හි ACA ක්‍රීඩාංගණයේදී වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය (30) ශ්‍රී ලංකාවට සහ ඉන්දියාව තරගයෙන් ආරම්භ අතර
අතර මගදී ඇතිවු වර්ෂාව හේතුවෙන් කණ්ඩායමකට ඕවර 47 සිමා වු තරගයේදී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩිකා දීප්ති ෂර්මා වැදගත් අර්ධ ශතකයක් (පන්දු 53 කින් ලකුණු 53) ලබා ගත් අතර පන්දු යැවීමේදී (3/54) ක් ගත්තාය.
270 ක ඉලක්කය ආරක්ෂා කරමින්, ඉන්දියාවේ පන්දු යවන්නන් ශ්‍රී ලංකාවට නිරන්තර පීඩනයකට ලක් කළ අතර, සෑම පන්දු යවන්නෙකුම කඩුල්ලක් දවා ගත්හ.ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 47 කින් ලකුණු 43 ක්ද පන්දු යැවීමේදී ඉනෝකා රණවීර (4/46) දවා ගත්තාය.
ශ්‍රී ලංකාව සහභාගි වන මීලග තරගය ඔක්තෝබර් 4 වන දින ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
ඉන්දියාව 269/8 (47)-ප්‍රතිකා රාවල් 37,හාර්ලීන් ඩියෝල් 48,හර්මන්ප්‍රීත් කෞර් 21,දීප්ති ෂර්මා 53,අමන්ජොත් කෞර් 57,ස්නේ රානා 28,ඉනෝකා රණවීර 4/46,උපදේශිකා ප්‍රබෝධනී 2/55
ශ්‍රී ලංකාව 211/10 (45.4)-චමරි අතපත්තු 43,හර්ෂිත සමරවික්‍රම 29,නිලක්ෂිකා සිල්වා 35,දීප්ති ෂර්මා 3/54,ශ්‍රී චරණී 2/37,ස්නේ රානා 2/32