SLCS
පකිස්ථානයට කඩුලු 5 ක ජයක්

පකිස්ථානයට කඩුලු 5 ක ජයක්

ආසියානු කුසලාන තරගාවලියේදී අබුඩාබි හි පැවති සුපිරි කණ්ඩායම් සිව්දෙනාගේ වටයේදී  ශ්‍රී ලංකාවට එරෙහිව පකිස්ථානය කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.ලකුණු හඹා යාමේදී මැදපෙළ කඩුලු 5 ක් ලකුණු 80 කදී බිඳ වැටුනත් ජයග්‍රහණය වෙනුවෙන් හුසේන් තලාත් (32) සහ මොහොමඩ් නවාස් (38) අතර නොබිඳුණු ලකුණු 58 ක සබඳතාවයක් පවත්වා ගත්හ.

තලාත් පන්දු 30 කින් ලකුණු 32 ක් ලබා ගත් අතර, නවාස් පන්දු 24 කින් ලකුණු 38 ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 2 බැගින් මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග  දවා ගත්හ.

පළමුව පන්දුවට පහර දීමේදි පැතුම් නිශ්ශංක (8) කුසල් මෙන්ඩිස් (0)කුසල් පෙරේරා (15) චරිත් අසලංක (20) දැවි යමින් පළමු පන්දුවාර 10 යට 70 ක් කඩුලු 5 කට  රැස් කළේය.එතැන් සිට පාකිස්තානය ශ්‍රී ලංකා පිතිකරණය ඔවුන්ගේ පාලනයට ගත් අතර, ඔවුන් අවසන් ඕවර දහය තුළ ලකුණු 63 ක් පමණක් රැස් කළහ. කමිඳු මෙන්ඩිස් පන්දු 44 කින් ලකුණු  50 ක්  රැස් කළේය.

මෙහි ප්‍රතිඵලය නම් ශ්‍රී ලංකාව තරඟ දෙකක් පරාජය වී ඇති අතර, අවසන් තරඟය බලා පොරොත්තු තබා ගැනීමටනම්  බංග්ලාදේශය ඉන්දියාව පරාජය කිරීම මත දැන් රඳා පවතින බවයි.

ශ්‍රී ලංකාව 133/8 (20)-චරිත් අසලංක 20,කමිඳු මෙන්ඩිස් 50,ෂහීන් ෂා අෆ්රිඩි 3/28,හරිස් රවුෆ් 2/37,හුසේන් තලාත් 2/18

පකිස්ථානය 1338/5 (18)-සහිබ්සාඩා ෆර්හාන් 24,හුසේන් තලාත් නොදැවි 32,මොහොමඩ් නවාස් 38,මහීෂ් තීක්ෂණ 2/24,වනිඳු හසරංග 2/24