දිනෙත් තේෂාන්ගේ විශිෂ්ට පන්දු යැවීම සමගින් මෙවර වයස අ.වු 15 න් පහළ තුන්වන කාණ්යේ ( Division III ) 16 දා පැවති තරයකින් මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් හෝමාගම ජනාධිපති විද්‍යාලය එම කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් 32 ට සුදුසුකම් ලැබීය.
මෙම තරගය මීරිගම ඩී.එස්. සේනානායක ක්‍රීඩාංගණයේ පැවති අතර පළමුව පන්දුවට දුන් ජනාධිපති විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට 146 ක් රැස් කළේය.
ලකුණු හඹාගිය ඩී.එස්. සේනානායක පිතිකරුවන් පන්දුවාර දාසයක් අවසානයේ එක කඩුලක් දැවී ලකුණු 64 ලබා ප්‍රබල ස්ථනයක සිටියේය.ඉන්පසු ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් වමතින් දඟ පන්දු යවන දිනෙත් තේෂාන්ගේ (7/9) දක්ෂ පන්දු යැවීම හමුවේ ඩී.එස්. පිතිකරුවන් අසරණ වෙමින් සියලුම දෙනා 84 කට දැවී ගියේය.
හෝමාගම ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම 147/7 ප.වා 50 යි-පූනාල් ගිම්හාන 20,ගමිත මන්දාර 26,හිරුන් ප්‍රභාෂ් 21,තෙනුක සත්විරු 30,හෙලික කුලාන් 25,
හෙසඳු නෙතුවර 2/8,මෙනුලා ඔනෙල්ෂ 1/23
මීරිගම ඩී.එස්. සේනානායක සියලුම දෙනා දැවි 84 යි ප.වා 35.5යි-නිලොක් දිනසර 24,ඔසුක සසෙන් 31,තෙනුක සත්විරු 1/11,දිනෙත් තේෂාන් 7/9