SLCS
ශ්‍රී ලංකාව සුපිරි වටයට

ශ්‍රී ලංකාව සුපිරි වටයට

කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණ දකෂතාවයත් නුවන් තුෂාරගේ දකෂ පන්දු යැවීමත් සමගින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව අබුඩාබිහිදී 18 දා පැවති විස්සයි 20 තරගය කඩුලු 6 කින් ජය ගනිමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීය.
ලකුණු හඔා යාමට පෙර ශ්‍රී ලංකාවට මෙම තරගය සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නොවුන නමුත් ඔවුන්ගේ ඉලක්කය වුයේ ලකුණු 101 ලබා ගැනීමය.එයට හේතුව වන්නේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් ශුද්ධ ලකුණු අනුපාතය ලබා ඉදිරි වටයට සුදුසුකම් ලැබීමය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් මෙම තරගයේ වීරයා සම්මානය හිමිකර ගනු ලැබූවේ නොදැවී පන්දු 52 කින් ලකුණු 74 ක් ලබා ගනිමිනි.එම ඉනිමට හතරේ පහර 10 ක් අන්තර් ගත විය.

ශ්‍රී ලංකාව ඕවර 20 න් 18 ක්  ආධිපත්‍යය දැරූ නමුත් අවසන්  ඕවර දෙකේදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන්  මොහොමඩ් නබි (60 පන්දු 22) වේගවත් පිතිහරඹයක් දියත් කළේය.19 වන පන්දු වාරය යැවු   දුෂ්මන්ත චමීරට හතරේ පහර 3 ක් සමඟින් 17 ක්ද අවසන් පන්දු වාරය යැවු දුනිත් වෙල්ලාලගේ හට හයේ පහර 5 ක් සමඟින් ලකුණු 32 ක් ලබා ගන්නා විට ඔවුන් කඩුලු  8 කට ලකුණු 169 ක් ලබා ගත්තේය.

ඇෆ්ගනිස්ථානය ප.වා 20 කදී 169/8-ඊබ්‍රාහිම් සද්‍රාන් 24,මොහොමඩ් නබි 60,රෂීඩ් ඛාන් 24,නුවන් තුෂාර 4/18

ශ්‍රී ලංකාව  ප.වා 18.4 කදී 171/4-  මෙන්ඩිස් නොදැවී 74,කුසල් පෙරේරා 28,කමිඳු මෙන්ඩිස් 26,මොහොමඩ් නබි 1/20,අස්මතුල්ලා ඔමාර්සායි 1/10