කොළඹ මහානාම (බී) සහ පී ද එස් කුලරත්න අවසන් තරගයට

    2025-01-02 10:06   |    Views : 230

ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් සංගමය මෙහෙය වනු ලබන වයස අ.වු 13 න් පහළ දෙවන කාණ්යේ අවසන් පූර්ව තරග ජය ගනිමින් කොළඹ මහානාම විද්‍යාලය (බී) කණ්ඩායම සහ පී ද එස් කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ එම කාණ්ඩයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, දියගම ජනවාරි 01
ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල, මතුගම මුල් ඉනිම 104/10 ප.වා (44.4)-ඉමෙත් සංජිත 18, තනුවර ගීමිත් 16,සිනෙත් මෙන්ඩිස් 3/14,සඳරු මලින්සා 3/14,තාරුක රන්මිර 3/14
පී ද එස් කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ 39/1 (ප.වා 17)-හිමාෂ දහම් නොදැවී 19,සෙනිත් නූපුර 1/11
අයහපත් කාළගුණයෙන් තරගය නතර කරන විට පී ද එස් කුලරත්න විද්‍යාලය ප්‍රසාද ලකුණු මට්ටම අනුව ඉදිරියෙන් සිටින බැවින් අවසන් තරගයට සුදුසුකම් ලබයි.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණය, පානදුර දිනය දෙසැම්බර් 30
මහානාම විද්‍යාලය, කොළඹ (බී) පිල මුල් ඉනිම 150/6 -දිනුග හෙට්ටිආරච්චිගේ 21,පිනිත්‍ර අභිමාන් 34,තෂ්මිලා චනුත් 21,තීක්ෂණ කවිඳු 1/25,හිරුන් ඉමිරක 1/24
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය මුල් ඉනිම 121/10 (ප.වා 45.3)- වෙනුෂ ඩිල්ෂාන් 25,හිරුන් ඉමිරක 18,තෂ්මිලා චනුත් 3/31,සතිල් සංකේත් 2/13

කොළඹ මහානාම විද්‍යාලය (බී) පිලට පළමු ඉනිමේ ජයක්.

Share on Facebook Share on WhatsApp Share on Viber