අවසන් පන්දු හයට කඩුලු 5ක් අතැතිව ලකුණු 10ක් අවශ්‍ය වූ මොහොතක අවසන් පන්දුවාරය යැවූ ඩිල්ෂාන් මධුශංක යැවූ පළමු පන්දු 3ට කඩුලු ත්‍රිත්වයක ලබා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම සතු ජයග්‍රහණය උදුරා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ අද (29) හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවති පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 298 ලබාගත්තේය. සංචාරක පිළ වෙනුවෙන් පැතුම් නිශ්ශංක 76 ක්ද ජනිත් ලියනගේ නොදැවී ලකුණු 70 ක් ලබා ගත්හ.
ලකුණු හඹායාමේ දී 161/5 තිබු ලකුණු පුවරුව සිකන්දර් රාසා (92) සහ ටෝනි මුනියොංග (40) එක්ව ලකුණු 289 දක්වා ඉහළ දමමින් තම පිලට ජයග්‍රහී මාවත සකස් කළහ.එහෙත් අවසන් පන්දුවාර යැවූ ඩිල්ෂාන් මධුශංක තරගය කණපිට හරවමින් ශ්‍රී ලංකාට නොසිතූ ජයක් හිමිකර දුන්නේය.
ශ්‍රී ලංකා පිල කඩුලු 5 කට ප.වා 50 කදී 298 යි-පැතුම් නිශ්ශංක 70,කුසල් මෙන්ඩිස් 38,සදීර සමරවික්‍රම 35,ජනිත් ලියනගේ නොදැවී 70, කමිඳු මෙන්ඩිස් 57,රිචඩ් නගාරව 2/34
සිම්බාබ්වේ පිල කඩුලු 8 කට ප.වා 50 කදී 291 යි-බෙන් කරන් 70,ෂෝන් විලියම්ස් 57,සිකන්දර් රාසා 92,ටෝනි මුනියොංග 40,අසිත ප්‍රනාන්දු 3/50,ඩිල්ෂාන් මධුශංක 4/64