SLCS
චිලව් මේරියන්ස් පිලට ඉනිමක සහ ලකුණු 75 ක ජයක්

චිලව් මේරියන්ස් පිලට ඉනිමක සහ ලකුණු 75 ක ජයක්

මෙලාන් හංසකගේ (7/65) සහ තිමිර ඉරුෂිකගේ (7/83) දක්ෂ පන්දු යැවීමත් දර්ශක සන්දීප් (131) සකුණ ලියනගේ (111) විශීෂ්ට පිතිකරණය සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගීඑන කණ්ඩායම් අතර දෙදින තරගාවයේ  ආරම්භ කරමින් නාවික හමුදා පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 75 ක ජයක් වාර්තා කිරිමට චිලව් මේරියන්ස් පිල සමත් විය.

රන්දුනු ගංගානාත්ගේ(128),ප්‍රවීන් මනීෂගේ (5/36) දක්ෂතාවයෙන් කටුනේරිය ලියෝ ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 9 ක ජයක් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට හිමිවන විට යුනයිටඩ් සදර්න් පිලට එරෙහිව කඩුලු 9 කින් බදුරලිය පිල ජය ගන්නා විට එම තරගයේ ඉනිම් දෙකෙහිම කඩුලු හතර බැගින් දවාගත් බ්‍රයන් හංසජ වැඩි ගෞරවය හමිකර ගත්තේය.
තරග ත්‍රිත්වයක් විසදුමක් සහිතව නිමාවන විට සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මල්ෂ තරුපති හයේ පහර 6 ක් සමගින්ද හතරේ පහර 4 ක් සමගින් පන්දු 87 කින් ලකුණු 95 ක් රැස් කළේය.

එන්.සී.සී පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කල සෙබස්තියනයිට්ස් පිල වෙනුවෙන් කවිඳු ගයත්‍රා (102) සහ පොලිස් පිලට එරෙහිව එස්. එස්. සී පිල වෙනුවෙන් සදීෂ රාජපක්ෂ (118) ශතක  රැස් කිරීමට අද (06) දිනයේ සමත් වුහ.      
නාවික හමුදා ක්‍රීඩාංගණය වැලිසර නාවික හමුදාව සහ චිලව් මේරියන්ස්

චිලව් මේරියන්ස් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 76.1 කදී 379 යි-දර්ශක සන්දීප් 131, සකුණ ලියනගේ 111,රුවින් සංකල්ප 2/72,ඉෂාන් අනුරාධ 2/69 
නාවික හමුදාව පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 44 කදී 111 යි- රුවීන් ෆොන්සේකා 23,තිමිර ඉරුෂික 6/35 
නාවික හමුදාව දෙවන ඉනිම සියලුම දෙනා දැවී ප.වා 48.1 කදී 193 යි-උවිඳු පෙරේරා 69,මයුර මල්ෂාන් 39,මෙලාන් හංසක 7/65

චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 75 ක ජයක්.
කෝල්ට්ස් ක්‍රීඩාංගණය කෝල්ට්ස් සහ ලියෝ තරගය

ලියෝ පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 42 කදී 140 යි-නෙත්ම කරුණාරත්න 27,රයන් දිසානායක 5/34
කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 7 කට ප.වා 64 කදී 260 යි-රන්දුනු ගංගානාත් 128,හිරුණ ගාල්ලගේ 35,රයන් දිසානායක 35 ,ගිත්මින් කොළඹගේ 3/58 විශ්ව රාජපක්ෂ 2/48
ලියෝ දෙවන ඉනිම සියලුම දෙනා දැවී ප.වා 47.2 කදී 165 යි-නෙත්ම කරුණාරත්න 45,ප්‍රවීන් මනීෂ 5/36
කෝල්ට්ස් දෙවන ඉනිම කඩුලු 1 කට ප.වා 9 කදී 48 යි-රන්දුනු ගංගානාත් 20

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 9 ක ජයක්. 
යුධ හමුදා ක්‍රීඩාංගණය දොඹගොඩ බදුරලිය සහ යුනයිටඩ් සදර්න් තරගය

බදුරලිය පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 63.4 කදී 253 යි- කවිෂ්ක ඉමේෂ් 57,ශානික්‍ය දේශප්‍රිය 50,ෂෙහාන් මධුසංක 51,සිතුක ගුණවර්ධන 3/69,සදෙව් ගමගේ 3/35
යුනයිටඩ් සදර්න් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 41 කදී 125 යි- -විරංග යේෂාන් 24,තරුෂ් දමිඳු,බ්‍රයන් හංසජ 4/60,ෂැරන් අභිෂේක් 4/30
යුනයිටඩ් සදර්න් දෙවන ඉනිම සියලුම දෙනා දැවී ප.වා 49.1 කදී 175 යි-විරංග යේෂාන් 87,හංස ඒෂාන් 21,බ්‍රයන් හංසජ 4/61,යෙනුලා දෙවුතුස 2/19
බදුරලිය දෙවන ඉනිම කඩුලු 1 කට ප.වා 7.1 කදී 48 යි-ඩිනාල් ඉඳුවර 26,ෂෙහාන් මධුසංක 20

බදුරලිය ක්‍රිකට් සමාජයට කඩුලු 9 ක ජයක්.
නාවල එල්.ආර්.ඩී.සි ක්‍රීඩාංගණය නුගේගොඩ සහ මැලේ තරගය

නුගේගොඩ පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 88.3 කදී 298 යි-පුලිඳු පෙරේරා 151,අක්‍රම් මුතාලිබ් 27,දසිස් මංචනායක 31,කවීෂ් සත්සර 5/75,නිමන් උමේෂ් 2/88
මැලේ පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 79.4 කදී 253 යි-හිරන්ත ජයසිංහ 49,කෙවින් සැමුවෙල් 43,වොෂිත අමරසිංහ 63,විදුනෙත් විල්සන් 59,සෙනුර ගිහාන් 4/58,නිර්මල රත්නායක 2/88,අබ්දුල් ෂිරාඩ් 2/46
නුගේගොඩ දෙවන ඉනිම කඩුලු 1 කට ප.වා 8 කදී 16 යි-නිමන් උමේෂ් 1/6

නුගේගොඩ ක්‍රීඩා හා සුභසාධන සමාජයට පළමු ඉනිමේ ජයක්.
බී.ආර්.සී ක්‍රීඩාංගණය බී.ආර්.සී සහ යුද හමුදා තරගය

යුද හමුදා පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 63.5 කදී 222 යි-තරිඳු දිලංක 39,ෂෙනෙල් සමරතුංග 51,සමිත් ඩිල්ෂාන් 50,තරුෂ්ක අශෙල් 6/63
බී.ආර්.සී පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 84.1 කදී 274යි-තරුෂ්ක අශෙල් 22,දිනිරු අබේවික්‍රමසිංහ 50, විශ්ව සුපුන් 47,යසිරු රුද්‍රිගු 77,දීමන්ත අරුෂ 4/38
යුද හමුදා දෙවන ඉනිම කඩුලු 5 කට ප.වා 30 කදී 202 යි-අශාන් සුදර්ශන 52,අමිල තුරුවන් 47,දීමන්ත අරුෂ 36, සමිරු ගිම්හාන් 3/66

බී.ආර්.සී ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්.
මුවර්ස් ක්‍රීඩාංගණය මුවර්ස් සහ මොරටුව තරගය

මොරටුව පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 65.4 කදී 293 යි-මලිත පෙරේරා 73,අමිත දාබරේ 77,දුමිඳු සෙව්මිණ 39,නෙතුල් අනුහස් 3/67,මල්ෂ තරුපති 3/71
මුවර්ස් පළමු ඉනිම කඩුලු 9 කට ප.වා 78 කදී 332 යි-ඔමේෂ් මෙන්ඩිස් 41,ඔෂාන් ද සිල්වා 50,ලහිරු අමරසේකර 32,මල්ෂා තරුපති 92,උෂාන් සත්සර 3/87,සන්දීෂ් ප්‍රනාන්දු 3/66
මොරටුව දෙවන ඉනිම කඩුලු 7 කට ප.වා 32 කදී 107 යි-අමිතා දාබරේ 31,මල්ෂ තරුපති 4/23

මුවර්ස් ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්.
පොලිස් ක්‍රීඩාංගණය පොලිස් සහ එස්. එස්. සී  තරගය

පොලිස් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 56.2 කදී 220 යි-රශ්මික හිරුෂාන් 118,දිනුර කළුපහන 3/41
එස්. එස්. සී පළමු ඉනිම කඩුලු 9 කට ප.වා 66.2කදී 255 යි-සදීෂ රාජපක්ෂ 118,ෂෙවෝන් ඩැනියෙල් 63,නිපුන් ප්‍රේමරත්න 5/54
පොලිස් දෙවන ඉනිම කඩුලු 6 කට ප.වා 44 කදී 146 යි-ඉරුෂ ආකාෂ් 60,ගිෂාන් බාලසූරිය 3/48

එස්. එස්. සී ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්.
එන්.සී.සී ක්‍රීඩාංගණය සෙබස්තියනයිට්ස් සහ එන්.සී.සී තරගය

එන්.සී.සී පළමු ඉනිම කඩුලු 9 කට ප.වා 76.5 කදී 323 යි-ගවිරු සෙන්හාස් 53,ජීවක සෂින් 105 අනුක් දේවනාරායන 3/79,ලක්මික පෙරේරා 3/27
සෙබස්තියනයිට්ස් පළමු ඉනිම කඩුලු 8 කට ප.වා 102.3 කදී 429 යි- -මනුප මන්මිත 63,මනසා ද සිල්වා 78,චමිඳු පෙරේරා 88,කවිඳු ගයත්‍රා 102,තිනෙත් සාලිංග 3/66

සෙබස්තියනයිට්ස් පිලට පළමු ඉනිමේ ජයක්.
සී.සී.සී ක්‍රීඩාංගණය නිගම්බු සහ සී.සී.සී තරගය

නිගම්බු පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 57.2 කදී 181 යි-කවීන් ප්‍රනාන්දු 99,සේත්රු ප්‍රනාන්දු 4/58,ඉනුක කරන්නාගොඩ 3/27
සී.සී.සී පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා70.4 කදී 286 - පවන් සන්දේශ් 47,අංජල බණ්ඩාර 138,ෂෙහාන් ප්‍රමෝද් 4/126
නිගම්බු දෙවන ඉනිම කඩුලු 4 කට ප.වා 52.5 කදී 150 යි-තත්සර ඒෂාන් 52,ඉනුක කරන්නාගොඩ 2/42
නිගම්බු පිලට පළමු ඉනිමේ ජයක්.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් තරගය

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 9 කට ප.වා 75 කදී 318 යි-මිනෙත් ප්‍රේමරත්න 159,සවිඳු රොද්‍රිගෝ 39,ෂොන් රොද්‍රිගෝ 4/51
කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 66 කදී 222 යි-අර්ෂාන් ජෝශප් 52, සුධීර වීරරත්න 72,තරින්ද නිර්මාල් 3/54,දුලාජ් සමුදිත 3/47
බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම කිසිවකු නොදැවී ප.වා 11 කදී 98 යි-හසිත අමරසිංහ 71,මිනෙත් ප්‍රේමරත්න 25
කැන්ඩි කස්ටම්ස් දෙවන ඉනිම කඩුලු 1 කට ප.වා18 කදී 102 යි-මිහිඳු පැහැසර 57,සුධීර වීරරත්න 30

බ්ලූම්ෆීල්ඩ්  සමාජයට පළමු ඉනිමේ ජයක්.
වෙලගෙදර ක්‍රීඩාංගණය කුරුණෑගල යූත් සහ ගෝල් තරගය

කුරුණෑගල යූත් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 71.4 කදී 270 යි- ලක්වින් අබේසිංහ 55,වතිලා උදාර 76,රුවිෂාන් පෙරේරා 6/65
ගෝල් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 77.4 කදී 207 යි -දුල්සිත් දර්ශන 91 දිනුක තෙන්නකෝන් 3/56,සෙනුක දංගමුව 4/44
කුරුණෑගල යූත් දෙවන ඉනිම කඩුලු 3 කට ප.වා 23 කදී 153 යි-සත්සර නවෝද් 47, කවිඳු ඒකනායක 60

කුරුණෑගල යූත් පිලට පළමු ඉනිමේ ජයක්.