SLCS
නිතිෂ් කුමාර් රෙඩ්ඩිගෙන් සටන්කාමී ඉනිමක්.

නිතිෂ් කුමාර් රෙඩ්ඩිගෙන් සටන්කාමී ඉනිමක්.

ලකුණු 221 කට කඩුලු 7 ක් බිඳ වැටුණ මොහොතක නිතිෂ් කුමාර් රෙඩ්ඩිගේ මංගල ටෙස්ට් ශතකයත් සහ වොෂින්ටන් සුන්දර්ගේ ඒ හා සමාන වැදගත් අර්ධ ශතකයක් බොක්සිං ඩේ ටෙස්ට් තරගයට නව ජීවයක් ගෙන දුන්නේය. ඔවුන් දෙදෙනා අටවන කඩුල්ලට පැවැත්වු සබඳතාවය ලකුණු 128 කි.

 

ඒ අනුව  ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 474 ට ප්‍රතිචාර වශයෙන් තවමත් ලකුණු 116 ක් පසුපසින් සංචාරක ඉන්දීය පිල සිටියි.හෙට තරගයේ තීරණාත්මක සිව්වන දිනයයි.

 

ඕස්ට්‍රේලියා මුල් ඉනිම සියලු දෙනා දැවී 474 (ප.වා 122.4)- සෑම් කොන්ස්ටාස් 60,උස්මාන් කවාජා 57,මානස් ලබුෂේන් 72,ස්ටීවන් ස්මිත් 140,ඇලෙක්ස් කේරි 31,පැට් කමින්ස් 49,ජස්ප්‍රිත් බුම්රා 4/99,ආකාෂ් දීප් 2/94,රවීන්ද්‍ර ජඩේජා 3/78

 

ඉන්දීය මුල් ඉනිම කඩුලු 09 කට 358 (ප.වා 116) -යෂස්වි ජයිස්වාල් 85,කේ.එල් රාහුල් 24,විරාත් කෝලි 36,රිෂාබ් පාන්ට් 28,නිතිෂ් කුමාර් රෙඩ්ඩි නොදැවී 105 ,වොෂින්ටන් සුන්දර් 50,පැට් කමින්ස් 3/86,ස්කොට් බෝලන්ඩ් 3/57,නේතන් ලියොන් 2/88