SLCS
පැතුම්ගේ උත්සාහය අපතේ යයි

පැතුම්ගේ උත්සාහය අපතේ යයි

පැතුම් නිශ්ශංකගේ විශීෂ්ට ඉනිම අපතේ යමින්  ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ මවුන්ට් මන්ගනුයිහි බේ ඔිවල් පිටයේ දී අද පැවති පළමු තරගයෙන් ලකුණු 8 ක ජයග්‍රහණයක් ලැබීමට නවසීලන්තය සමත් විය. 

ලකුණු හඹා යාමේදී ආරම්භක කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක ලකුණු 121 විශිෂ්ට සබඳතාවයක් පැවැත් වුහ.14 වන පන්දුවාරය ක්‍රියාත්මක කල ජෙකොබ් ඩෆී කුසල් මෙන්ඩිස් (46),කුසල් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු රැස් කිරීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය.ඉන් අනතුරුවද  මැදපෙළ සහ පසුපෙළ සියලුම පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 කට 164 කට සීමාවිය.

කඩුලු බිඳ වැටීම සටහන් වුයේ 1-121,2-121,3-121,4-145,5-153,6-154,7-159,8-159 පරිදිය.ඉනිමේ ලකුණු 10 යේ සීමාව පසු කරනු ලැබුවේ පැතුම් නිශ්ශංක 90 (පන්දු 60,හයේ පහර 3,හතරේ පහර 7) කුසල් මෙන්ඩිස් 46ක් පමණි.  

ශ්‍රී ලංකා ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම මුල් පන්දුවාර දහය සඳහා කඩුලු 5 කට ලකුණු 65 ක් ලබා ගත්තේය.එහෙත් විසිවන පන්දුවාරය තෙක් කඩුල්ලේ රැදී සිටිමින් සයවන කඩුල්ලට 105 ක දායකත්වයක් දැක්වු ඩැරල් මිචෙල් (62) සහ  මයිකල් බ්‍රේස්වෙල් (59) සහයෙන් සත්කාරක පිලට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8 කට ලකුණු 172 රැස් කිරීමට හැකි විය. බිනුර ප්‍රනාන්දු,මහේෂ් තීක්ෂණ,වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්හ.

නවසීලන්ත පිල කඩුලු 8 කට 172 (ප.වා 20)-ඩැරල් මිචෙල් 62,මයිකල් බ්‍රේස්වෙල් 59, බිනුර ප්‍රනාන්දු 2/22,මහේෂ් තීක්ෂණ 2/29,වනිඳු හසරංග 2/33

ශ්‍රී ලංකා පිල කඩුලු 8 කට 164 (ප.වා 20)- කුසල් මෙන්ඩිස් 46,පැතුම් නිශ්ශංක 90,භානුක රාජපක්ෂ 08, ජෙකොබ් ඩෆී 3/21,මැට් හෙන්රි 2/28,