SLCS
LPL තීරණය සෞඛ්‍ය නිර්දේශ මත

LPL තීරණය සෞඛ්‍ය නිර්දේශ මත

මෙරට ක්‍රිකට් පිටියේ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙසින් කරලියට පිවිසීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත යොදාගත් දිනයේ ම පැවැත්වීමටශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වේ. 

Covid 19 හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය වාර්තා සහිත මාර්ගෝපදේශ ඇතුලත් වාර්තාවක් පිළියෙළ කිරීමට à¶…à¶§ දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් ද පසුගියදා à¶´à¶­à·Š කරනු ලැබුවේ ය. à¶’ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් පුද්ගලයන් සිවු දෙනෙක් ද, à¶šà·Šâ€à¶»à·“ඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් පුද්ගලයන් දෙදෙනෙක් ද, à¶šà·Šâ€à¶»à·“ඩා වෛද්‍ය ඒකකය නියෝජනය කරමින් à¶‘à¶šà·Š පුද්ගලයෙක් ද සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් à¶‘à¶šà·Š පුද්ගලයෙක් ද ලෙසින් ද ඇතුලත් à¶šà¶» ඇත. 

මොවුන්ගේ නිර්දේශ මත සැකසෙන අවසන් වාර්තාව අනුව තරගාවලිය සංවිධානය කිරීමටත් සහභාගී වන ක්‍රීඩකයන් සහ සංවිධායකන් වෙනුවෙන් වෙන් වෙන්ව වෙනම ම මාර්ගෝපදේශන ඇතුලත් වාර්තා සැකසීමටත් ඔවුන්ගේ අවධානය යොමුව ඇත. කෙසේ වෙතත් මේ වන විට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව තරගාවලිය යොදාගත් දිනවල දී ම පැවැත්වීමට හැකි වෙතැයි සෞඛ්‍ය අංශයේ අදහසයි. 

මෙම තරගාවලිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතය.තරග 23 කින් යුත් තරගාවලිය කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නම්වලින් යුත් කණ්ඩයම් 5කින් සමන්විත ය. තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මුලික à¶šà¶» ගනිමින්, à¶»à¶‚ගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත ය. 

තරගාවලිය සඳහා දේශීය ක්‍රීඩකයන්ට අමතර à·€ ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 à¶šà¶§ වැඩි පිරිසක් සහ ජාත්‍යන්තරක්‍රිකට් පුහුණුකරුවන් 10 දෙනෙකුට වැඩි පිරිසක් තරගාවලිය සඳහා එක්වීමට කැමැත්ත ප්‍රකාශ à¶šà¶» ඇති බැව් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය වාර්තා සඳහන් à¶šà¶» තිබුණි. 

@JP