
ලංකා T10 සුපර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 12 සිට 22 දක්වා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
කොළඹ ස්ට්‍රයිකර්ස්, ගාලු මාවල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, යාපනය ටයිටන්ස්, මහනුවර බෝල්ට්ස්, සහ මීගමුව බ්‍රේව්ස් මෙම තරඟාවලියට එක්වන කණ්ඩායම් වේ.
සෑම කණ්ඩායමකටම උපරිම ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තබා ගැනීමට හැකි අතර අවම වශයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු එම සංචිතයට ඇතුළත් විය යුතුය. ඊට ජාත්‍යන්තර ක්‍රීඩකයින් හත් දෙනෙකුද ඇතුළත් වේ.