අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රිකට් ශූරතාව කොළඹට
-
2024-11-11 22:19 |
Views : 369
By රොෂාන් ගුණරත්න
අන්තර් විශ්ව විද්‍යාල අතර පැවැති ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලය ඊයේ (10 වැනිදා) සමත් විය. සබරගමුව විශ්ව විද්‍යාලයට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සබරගමුව විශ්ව විද්‍යාලයට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 184 ක් පමණී.
කොළඹ විශ්ව විද්‍යාලීය පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ සබරගමුව විශ්ව විද්‍යාලීය පිතිකරුවන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අපහසු වූහ.
තිළාන් ප්‍රදීප්ත පන්දු 74 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 41 ක් ද, සිසිත මදනායක පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් සහ කවිඳු ප්‍රමෝද් පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 35 ක් ලබා ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලීය පිලට තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ.
සිසිත මදනායක සමගින් එක්ව 8 වැනි කඩුල්ල සඳහා පන්දු 36 කදී ලකුණු 33 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කවිඳ ප්‍රමෝද් ඉන් නොනැවතී ඉන්දික උදාන සමගින් එක්ව 9 වැනි කඩුල්ල සඳහා පන්දු 53 කදී ලකුණු 41 ක් සම්බන්ධතාවක් ගොඩ නැගීය.
දෙවිඳු කැකිරිදෙණිය, තෙවින් අමරසිංහ, රුවින් සෙනෙවිරත්න සහ හිම්සර රංදෙණි කඩුලු 2 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය කොළඹ විශ්ව විද්‍යාලීය කණ්ඩායම ඕවර 48.1 කදී කඩුලු 7 ක් දැවී සිය ඉලක්කය පසුකර යෑමට සමත්විය.
කොළඹ විශ්ව විද්‍යාලීය කණ්ඩායම පහසුවෙන් සිය ඉලක්කය කරා යමින් සිටියද සබරගමුව විශ්ව විද්‍යාලීය පන්දු යවන්නෝ ඔවුන්ට තර්ජනයක් වෙමින් 49 ඕවරය දක්වා තරගය ඇදගෙන යාමට සමත්වූහ.
අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු තෙවින් අමරසිංහ පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 66 ක් සහ හිම්සර රංදෙණි පන්දු 48 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් ලබාගනිමින් කොළඹ විශ්ව විද්‍යාලීය කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.
තෙවින් අමරසිංහ සහ වසන්තන් ජෙදුෂාන් (25) 2 වැනි කඩුල්ල සඳහා පන්දු 96 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
සිසිත මදනායක සහ කවිඳ ප්‍රමෝද් කඩුලු 2 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
සබරගමුව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 184
(තිළාන් ප්‍රදීප්ත 41, සිසිත මදනායක 26, කවිඳු ප්‍රමෝද් 35, දෙවිඳු කැකිරිදෙණිය 43/2, තෙවින් අමරසිංහ 27/2, රුවින් සෙනෙවිරත්න 36/2, හිම්සර රංදෙණි 38/2)
කොළඹ - ඕවර 48.1 කදී කඩුලු 7 ක් දැවී 187
(තෙවින් අමරසිංහ 66, වසන්තන් ජෙදුෂාන් 25, හිම්සර රංදෙණි 42, සිසිත මදනායක 39/2, කවිඳ ප්‍රමෝද් 24/2)
Share on Facebook Share on WhatsApp Share on Viber