ඉන්දියාව පාකිස්තානයට යන්න බෑ කියයි
-
2024-11-10 08:47 |
Views : 218
ශූරයන්ගේ කුසලානයට සහභාගි වීම සඳහා ඉන්දියාව පාකිස්තානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙත දැනුම් දී තිබේ.
කණ්ඩායම් අටකින් සමන්විත ශූරයන්ගේ කුසලානය පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු 9 දක්වා පාකිස්තානයේ ස්ථාන තුනකදී පැවැත්වීමට නියමිතය.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොසින් නබ්වි මහතා දැඩි විරෝධයක් පළකර තිබේ.
එබැවින් තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබී එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සොයා බලනු ඇත.
දෙරට අතර පවතින දේශපාලන සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස, 2023 ලෝක කුසලානය ඇතුළුව ICC ඉසව් කිහිපයක් ඉන්දියාවේදී ක්‍රීඩා කළ අතර ඊට පාකිස්තානය සහභාගී වුවද, 2008 දී පැවැති ආසියානු කුසලානයෙන් පසු ඉන්දියාව පාකිස්තානයට ගොස් නොමැත.
ශූරයන්ගේ කුසලානය කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වේ.
තරඟ වදින කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාවයි.
Share on Facebook Share on WhatsApp Share on Viber