SLCS
ධර්මපාල විද්‍යාලයට ඉනිමක ජයක්

ධර්මපාල විද්‍යාලයට ඉනිමක ජයක්

 බිහඳු කන්නංගරගේ (20/9) සහ අනුජ පෙරේරාගේ (08/9) විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොළඹ අසෝක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 52 ක ජයක් හිමිකර ගැනීමට කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය සමත් විය.

මෙම තරගය පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස 13 න් පහළ I කාණ්ඩයේ තරගයක් වූ අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත් වුණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අසෝක විද්‍යලීය පළමු ඉනිම ලකුණු 31 කට සීමා කළ ධර්මපාල විද්‍යාලීය පන්දු යවන්නෝ ඔවුන්ගේ දෙවැනි ඉනිමද ලකුණු 27 කට සීමා කිරීමට සමත්වූහ.

තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ බිහඳු කන්නංගර ලකුණු 20 කට කඩුලු 9 ක් සහ අනුජ පෙරේරා ලකුණු 08 කට කඩුලු 9 ක් දවාගනිමින් කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයට ඉනිමක ජයක් ගෙන දීමට සමත් වූහ.

සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 110 ක් රැස් කළ ධර්මපාල මහා විද්‍යාලීය කණ්ඩායම ඉනිම අත්හිටු වීය.

රවිඳු ඉෂාන් පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 58 ක් රැස් කිරීමට සමත් විය.    

අසෝක විද්‍යලීය පළමු ඉනිම - ඕවර 25.3 කදී සියලුදෙනා දැවී 31

(මිනුක වැලිකල 05/1, බිහඳු කන්නංගර 09/3, අනුජ පෙරේරා 04/6)  

කොට්ටාව ධර්මපාල විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 16 කදී කඩුලු 2 ක් දැවී 110

(රවිඳු ඉෂාන් නොදැවී 58, අකිඳු විජේතුංග 27, දවිඳ හේසර 22/1)  

අසෝක විද්‍යලීය දෙවැනි ඉනිම - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී 27

(රදෙව් හංසික 05/1, බිහඳු කන්නංගර 11/6, අනුජ පෙරේරා 04/3)