අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රිකට් අවසන් තරගය 10 වැනිදා
-
2024-11-08 00:51 |
Views : 464
කොළඹ සහ සබරගමුව විශ්ව විද්‍යාල අතර අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහ තරගය මේ මස 10 වැනිදා මොරටුව විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. යම් හෙයකින් අවසන් තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් 11 වැනිදා අතිරේක දිනයක් ලෙස යොදා ගනු ඇත.
පසුගිය සතියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මොරටු විශ්ව විද්‍යාලය පරාජය කරමින් කොළඹ විශ්ව විද්‍යාලයත්, දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරාජය කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
මූලීක වටයේදී රජයේ විශ්ව විද්‍යාල 12 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වැදුණු අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කොළඹ, සබරගමුව, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, යාපනය, වයඹ සහ පේරාදෙණිය යන විශ්ව විද්‍යාල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.
මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල අතර තෙවැනි ස්ථානය සඳහා තරගයද එදිනම (10 වැනිදා) කොළඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Share on Facebook Share on WhatsApp Share on Viber