SLCS
එංගලන්තයට කඩුලු 08 ක ජයක්.

එංගලන්තයට කඩුලු 08 ක ජයක්.

නවසීලන්තයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට එංගලන්තය  සමත් වනවිට තම ටෙස්ට් දිවියේ තම මංගල කඩුලු 05 දවා ගැනීමට බ්‍රයිඩන් කාර්ස් සමත් වු අතර ඔහු පළමු ඉනිමේ (64/4) දෙවන ඉනිමේ (42/6) ලෙසට දක්ෂ පන්දු යැවීමක නිරත විය.

නවසීලන්ත වෙනුවෙන් කේන් විලියම්සන් පළමු ඉනිමේ ලකුණු 93 ක් සහ දෙවන ඉනිමේ ලකුණු 61 ලබා ගන්නා විට  සංචාරකයන් වෙනුවෙන් හැරී බෲක් පන්දු 197 කින් හයේ පහර 3 ක්ද හතරේ පහර 15 ක් සමගින් ලකුණු 176 රැස් කරමින් පිතිකරණයේදී දක්ෂතා දැක්විය.  

ඒ අනුව එංගලන්තයට සිව්වන ඉනිමේදී ඉතිරිව තිබුණේ ලකුණු 104ක ඉලක්කයක් පමණක් වන අතර ඔවුන් ඕවර 13ක් ඇතුළත එම ඉලක්කය සපුරා ගත්තේ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගනිමින්ය.තම මංගල තරගයට සහභාගි වු 21 හැවිරිදි බෙතෙල් පන්දු 37කදී නොදැවී ලකුණු 50ක් රැස්කරමින් ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.

නවසීලන්තය පළමු ඉනිම 348/10 ( 91 ප.වා) -ටොම් ලේතම් 47 කේන් විලියම්සන් 93 රචින් රවීන්ද්‍ර 34 ග්ලෙන් ෆිලිප්ස් නොදැවී 58 ෂොයිබ් බෂීර් 4/64 බ්‍රයිඩන් කාර්ස් 4/64

එංගලන්තය පළමු ඉනිම 499/10 ( 103 ප.වා)- බෙන් ඩකට් 46 හැරී බෲක් 176 ඔලී පොප් 76  බෙන් ස්ටෝක්ස් 80 මැට් හෙන්රි 4/84 නේතන් ස්මිත් 3/141

නවසීලන්තය දෙවන ඉනිම 254/10 ( 74.1 ප.වා)- කේන් විලියම්සන් 61 ඩැරල් මිචෙල් 84 බ්‍රයිඩන් කාර්ස් 6/42 ක්‍රිරිස් වෝක්ස් 3/59