SLCS
ශ්‍රී ලංකාවට ලකුණු 233ක පරාජයක්.

ශ්‍රී ලංකාවට ලකුණු 233ක පරාජයක්.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියෙහි දකුණු අප්‍රිකාව ඩර්බන් හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 233කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමත් සමග ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහල යාමට සමත් වනවිට ශ්‍රී ලංකාව පස්වන ස්ථානය දක්වා පසුබෑමකට ලක්ව ඇත.

ශ්‍රී ලංකා පළමු ඉනිම වාර්තාගත ලකුණු 42කට දැවී යන විට පළමු ඉනිමේදී (7/13)ක් ලබා ගත් වමත් වේග පන්දු යවන මාර්කෝ ජැන්සන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයක ඔහුගේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරනු ලැබුවේ දෙවැනි ඉනිමේදී (4/73) ලබා ගනිමිනි.


තෙවන දිනයේ නායක ටෙම්බා බවුමා (113) සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් (122) වෙතින් අගනා ශතක දෙකකින් අනතුරුව ලකුණු 516ක් පසුපස හඹා ගිය ශ්‍රී ලංකාව ලකුණු 101-5ක් ලෙසින් සිව්වන දිනය ආරම්භ කළ අතර, ඩර්බන් හිදී තවත් සැසි හතරකට වඩා ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ලකුණු 282කට සියලුදෙනා දැවී ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 83ක් රැස්කළ අතර,ධනංජය ද සිල්වා ලකුණු 59ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 48ක් ලබා ගත් නමුත් සංචාරකයන්ගේ අවසන් කඩුලු 4 ලකුණු 11කට දැවී ගියේය.

අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා Gqeberha හිදී ආරම්භ වේ.