SLCS
ෂහසයිබ් ඛාන්ගේ (159) විශිෂ්ට පිතිහරඹය සමගින් පකිස්ථාන යෙවුන් පිලට ජය.

ෂහසයිබ් ඛාන්ගේ (159) විශිෂ්ට පිතිහරඹය සමගින් පකිස්ථාන යෙවුන් පිලට ජය.

ෂහසයිබ් ඛාන්ගේ  ලකුණු 159 ක විශිෂ්ට පිතිහරඹය සමගින් අ.වු 19 න් පහළ යොවුන්  ආසියානු කුසලාන තරගාවලියේ පකිස්ථාන විසින් ප්‍රතිවාදී ඉන්දියාවට එරෙහිව ලකුණු 44 ක ජයක් ලබා ගත්තේය.  මෙම තරගය  සෙනසුරාදා (30) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත් විය.

පළමුව පන්දුවට පහර දුන්   පකිස්ථාන පිලෙහි ආරම්භක කඩුල්ලට ෂහසයිබ් ඛාන් (159) සහ උස්මාන් ඛාන් (60) සමගින් ලකුණු 160 ක සබතාවයක් ගොඩ නැගූහ.කෙසේ වෙතත් ඉන් අනතුරුව ඉන්දීය යොවුන් පන්දු  යවනන්  සෙසු පිතිකරුවන්ට සාර්තක වීමට ඉඩ නොදුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට පකිස්ථානය ලකුණු 281 ක් රැස් කළේය.පන්දු යැවීමේදී  සමර්ත් නාගරාජ් (43/3) ආයුෂ් මත්රේ (30/2) ලෙසට දවා ගත්හ.

ලකුණු 282 ක් හඹා ගිය ඉන්දීය පිල වෙනුවෙන් නිකිල් කුමාර (67) පමණක් සාර්ථක විය.සෙසු පිතිකරුවන්ට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ඉඩ නොදුන් අතර අබ්දුල් සුභාන් (46/2) ෆහාම්-උල්-හක් (41/2) අලි රාසා (36/3) කඩුලු දවා ගත්හ.පන්දුවාර 47 යි එක පන්දුවකදි ඉන්දීය පිල ලකුණු 238 කට දැවී ගියේය.