ශාරුජන් ෂන්මුගනාදන්ගෙන් විශිෂ්ට ශතකයක්.

    2024-12-02 06:51   |    Views : 136

ශාරුජන් ෂන්මුගනාදන්ගේ (102) විශිෂ්ට ශතකය සමගින් යොවුන් අසියානු කුසලාන තරගාවලියේ සාජාහි අද (01) පවැති තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 131 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.ඒ් අනුව ප්‍රසාද ලකුණු සටහනෙහි තරග 2 බැගින් ජයගෙන බී කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සමත්ව ඇත.

කාසියේ වාසිය ජයග්‍රහණය කිරිමෙන අනතුරුව ශ්‍රී ලංකාව යොවුන් පිල පළමු පන්දුවට පහරදුන් අතර එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශාරුජන් ෂන්මුගනාදන් පන්දු පන්දු 132 කින් හතරේ පහර 7 කින් වර්ණවත් කරමින් ලකණු 102 ක් රැස් කළේය.ඔහුට අනගි සහයක් දුන් පුලිඳු පෙරේරා (56) රැස් කරන විට ඒ.එම් ගසන්ෆාර් කඩුලු (3/35) දවා ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගනිස්තානයේ හඹා යාම කිසි විටෙකත් සාර්ථක වීමට ඉඩ නොදුන් අතර විරාන් චමුදිත විසින් පන්දු වාර 8 කදී කඩුලු 2/14 දවා ගන්නා විට. නිව්ටන් රංජිත්කුමාර් (2/28) විහස් තෙව්මික (2/10) ප්‍රවීන් මනීෂ (3/16) ලෙසට දක්ෂ පන්දු යැවීමක නිරත වූහ. ඒ් අනුව ඇෆ්ගනිස්තානයට ඕවර 28.2කදී ලකුණු 112කට සීමා විය.

ශ්‍රී ලංකාව යොවුන් පිල ප.වා 50 කදී 243/7 යි- - ශාරුජන් ෂන්මුගනාදන් 102 පුලිඳු පෙරේරා 56 විමත් දිනසර 26 ඒ.එම් ගසන්ෆාර් 3/35

ඇෆ්ගනිස්තාන යෙවුන් පිල ප.වා 28.2කදී සියලුම දෙනා දැවී 112 යි- හම්සා ඛාන් 32 නසිෆුල්ලා අමිරි 33 නිව්ටන් රංජිත්කුමාර් 2/28 ප්‍රවීන් මනීෂ 3/16 විහස් තෙව්මික 2/10 විරාන් චමුදිත 2/14

Share on Facebook Share on WhatsApp Share on Viber