ඉසුරු උදාන Morrisville Samp Army පිල අවසන් තරගයට රැගෙන යයි.

    2024-12-03 09:08   |    Views : 120

අද (02) අබුඩාබි සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයෙහි පැවති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී  ඉසුරු උදානගේ (3/17) දක්ෂ පන්දු යැවීම සමගින් Delhi Bulls එරෙහිව කඩුලු 5 ක ජයක් ලබා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට Morrisville Samp Army කණ්ඩායම සමත් විය.

2024 අබුඩාබි T10 දෙවැනි සුදුසුකම් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි බුල්ස් පිළෙහි මුල් කඩුලු තුන පිළිවෙළින් ටොම් බැන්ටන් (9) ජේම්ස් වින්ස් (8) ෂඩාබ් ඛාන් (0) ලකුණු 19 කදී දැවීගිය නමුත් ටිම් ඩේවිඩ් (24) සහ නායක රොව්මන් පවෙල් (13) සිව්වන කඩුල්ලට ලකුණු 34 සබඳතාවක් දැක්වුහ.එහෙත් හත්වන පන්දුවාරය යැවූ ඉසුරු උදාන ඔවුන් දෙදෙනාගේ කඩුලු දවා ගනිමින් තරගය තම කණ්ඩායමට දෙසට නැඹුරු කර ග්තතේය.ඒ අනුව පන්දුවාර 10 ක් අවසානයේ දිල්ලි බුල්ස් පිල කඩුලු 7 කට ලකුණු 89 ක් රුස් කළේය.

ලකුණු හඹා යාමේදී  ඩූ ප්ලෙසී (1) සහ චරිත් අසලංක (08) දැවී ගියත් ජයග්‍රහී ඉනිම් දෙකක් orrisville Samp Army පිල වෙනුවෙන් ක්‍රියාත්මක් වූහ.එහිදී  ඇන්ඩ්රි ගවුස් පන්දු 23 කින් ලකුණු 38 ක්ද ජැක් ටේලර් පන්දු 11 කින් හයේ පහර 3 ක් සමගින් ලකුණු 23 ක් රැස් කළහ.

Share on Facebook Share on WhatsApp Share on Viber