ඩෙකන් ග්ලැඩියේටර්ස් පිලට අබුඩාබි T10 ශුරතාවය.
-
2024-12-03 16:52 |
Views : 141
ලකුණු 105ක් හඹාගිය ග්ලැඩියේටර්ස් පිල 2024 අබුඩාබි T10 තරඟාවලියේ පන්දු වාර 3 යි එක පන්දුවක් ඉතිරිව තිබියදී Morrisville Samp Army එරෙහිව තම ඉලක්කය සපුරා ගනිමින් මෙවර ශූරතාවය දිනා ගැනීමට සමත් විය.මෙහිදී Deccan Gladiators පිල කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රහණය කළේය.
ලකණු හඹා යාමේදී ඔවුන්ගේ ආරම්භක පිතිකරු ලෙසින් සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර එංගලන්ත පිතිකරු ටොම් කෝලර්-කැඩ්මෝර් පළමු ඕවරයේදීම හතරේ පහර තුනක් සහ ඕවරයේදීම හයේ පහර තුන බැගින් එල්ල කළේය.ඔහු නොදැවී පන්දු 21 ක් තුළ ලකුණු 56 රැස් කරනවිට ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් අන්තර් ගතව තිබිණි.ඔහුගේ ආරම්භක සහකරු නිකලස් පූරන් සමගින් ආරම්භක කඩුල්ලට දැක්වු දායකත්වය ලකුණු 51 කි.වමත් පිතිකරුවා අවසානයේ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන විසින් දවාගන්නා විට පන්දු 10 කින් ලකුණු 28 ක් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් Morrisville Samp Army පිළෙහි ෆැෆ් ඩූ ප්ලෙසී (34) සාර්තක එකම පිතිකරු විය.ඔවුන් පන්දුවාර 10 අවසානයේ කඩුලු 7 කට ලකුණු 104 ක් රැස් කරනවිට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් ග්ලීසන් ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් (2/16) ලෙසට තම පන්දුවාර 2ක අවසන් කළේය.
ඒ අනුව ඩෙකන් ග්ලැඩියේටර්ස් අබුඩාබි T10 ලීග් තරඟාවලියේ ශූරයින් ලෙස තුන්වන වරටත් කිරුළු පැළඳීමට සමත් විය.
Morrisville Samp Army පිල 104/10 ප.වා 10 යි -ෆැෆ් ඩූ ප්ලෙසී 34 ඇන්ඩ්රි ගවුස් 21 රිචඩ් ග්ලීසන් 2/16 ඇන්රිච් නොර්ට්ජේ 1/16
ඩෙකන් ග්ලැඩියේටර්ස් 105/2 ප.වා 6.5 යි-ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී 56 නිකලස් පූරන් 28 ඉසුරු උදාන 1/12