විමත් දින්සරගේ ශතකය සමගින්, ශ්‍රී ලංකා යොවුන් පිළට ලකුණු 7 ක තියුණු ජයක්.

    2024-12-04 09:53   |    Views : 146

විමත් දින්සරගේ සටන්කාමී ඉනිමත් පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තියුණු තරගයකින් බංග්ලාදේශය ලකුණු 7කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමෙහි මුල් පෙළ පිතිකරුවන් එකිනෙකා දැවීයන විට තම අන්තය ආරක්ෂා කරගනිමින් අධිෂ්ඨාන ගත ඉනිමක් ක්‍රීඩා කළ විමත් දින්සරගේ ශතකය සහයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2කදී ලකුණු 228ක් රැස් කළේය.එහිදී විමත් දින්සර පන්දු 132කදී ලකුණු 106ක් ලබා ගත් අතර, ලක්වින් අබේසිංහ (21) සහ විහාස් තෙව්මික (22)ගේ දායකත්ව මුළු ලකුණු සංඛ්‍යාව 200 ඉක්මවීමට ඉවහල් විය. මූහඅල් ෆහාඩ් බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 50කට කඩුලු 4ක් දවාගත්තේය.


ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය එක අවස්ථාවක කඩුලු 3 ක් දැවී පන්දුවාර 39 කදී ලකුණු 172 ක් ලබා ප්‍රබල තත්වයක සිටි අතර එහිදී කලාම් සිද්ධිකිගේ (95) සටන්කාමී පිතිහරඹය ැපී පෙණුණි.විහස් තෙව්මික ගේ කඩුලු 3 දවාලීම තරගයේ තීරණයට තීරණාත්මක සාධකයක් විය.අවසන් පන්දුවාර හතර සඳහා කඩුලු 4 ක් අතතිව ලකණු 24 ක් අවශ්‍යව තිබුණත් දුවද්දී දැවීයාම් දෙකක් සමගින් පන්දුවාර 49 පන්දු 3 කදී සියලුම දෙනා දැවී බංග්ලාදේශය යොවුන් පිලට ලබාගත හැකි වුයේ ලකුණු 221 ක් පමණි.

Share on Facebook Share on WhatsApp Share on Viber