කොළඹ දකුණ සහ මහනුවර අවසන් ගැටුමට.
-
2024-12-06 04:25 |
Views : 262
ප්‍රීමා සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස 15 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් කොළඹ උතුරු පිලට එරෙහිව එක කඩුල්ලක තියුණු ජයක් ලැබීමට කොළඹ දකුණු පිලට හැකි විය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ උතුරු පිල සියලුම දෙනා දැවී ලකුණු 179 රැස කළ අතර ඊට පිළිතුරු ලෙසට කොළඹ දකුණු පිල හඹා යාමේදී එක් අවස්තාවක කඩුලු අටක් දැවී ලකුණු 152 ක් ලබා තිබුණි.එවිට දෙපිලටම දෝලනය වු තරගයේ දකුණු පිලෙහි නොම්බර හත පිතිකරු ලෙසට මහිරු කොඩිතුවක්කු නොදැවී පන්දු 42 කින් ලකුණු 22 ක් ලබා ගනිමින් ජයග්‍රහී ඉනිමක් ක්‍රීඩා කළේය.
කොළඹ උතුරු පිල 179/10 ප.වා 49.1 යි-බිනෝද් සන්දිල් 13 කවිත් ද සිල්වා 36 ශසිඳු සිල්වා 37 හිමිර කුඩාගම 35 ශනුක් ජයවර්ධන 14 චමිත කංකානමගේ 3/27 මෙතුම් ප්‍රනාන්දු 2/33 තාරුක සමින්ජිත 3/38
කොළඹ දකුණු පිල 180/10 ප.වා 49.1 යි-දුෂේන් උඩුවෙල 30 මෙතුක ගුණරත්න 45 ස්ටීවන් පීරිස් 18 සමිතු හෙන්සර 15 මහිරු කොඩිතුවක්කු 22 අබ්දුල් රහුමාන් 2/20 මොවිඳු සෙනාල් 2/25 ෂම්මා ජොනතන් 2/39 ශනුක් ජයවර්ධන 2/34
මෙහි අනිත් අවසන් පූර්ව තරග අද (05) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවති එහිදී දඹුල්ල පිල ප.වා 49.1 කදී සියලුම දෙනා දැවී 153 ක් රැස් කරද්දී ඊට පිළිතුරු ලෙස මහනුවර පිල ලකුණු හඹා යද්දී පළමු කඩුල්ලට චනුත් ජයසිංහආරච්චි (48) සහ චනුල් කොඩිතුවක්කු (38) ලකුණු 85ක සබඳතාවයක් පැවැත් වුහ.එහෙත් දඹුල්ල පිලෙහි යුමාල් එගොඩගේ (5/33) දක්ෂ පන්දු යැවීමෙන් මහනුවර පිලට දැඩි පීඩනයක් ගෙන දෙන්නට විය.එහෙත් හුදකලා සටනක නිරත වු යෙනුල හේවාවිතාරණගේ (29*) පිතිකරණය සහයෙන් පන්දුවාර 31.2 කදී කඩුලු 08 ක් දැවී ඔවුන්ගේ ඉලක්කය සපුරා ගත්තේය.
දඹුල්ල පිල 153/10 ප.වා 49.1 යි- අකේන් සුජයන 38 අමල් පෙරේරා 26 චමෝද් ප්‍රභාෂ 29 සනිතු ගුණතිලක 2/11 සචින්ත ගුණසේකර 2/34 කුසල් බණ්ඩාර 2/28 චනුල් කොඩිතුවක්කු 3/29
මහනුවර පිල ප.වා 31.2 154/8 යි- චනුත් ජයසිංහආරච්චි 48 චනුල් කොඩිතුවක්කු 38 යෙනුල හේවාවිතාරණ නොදැවි 29 යුමාල් එගොඩගේ 5/33 අමල් පෙරේරා 2/35
අවසන් තරගය හෙට (06) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
Share on Facebook Share on WhatsApp Share on Viber