යොවුන් ආසියානු කුසලාන අවසන් තරගට ඉන්දියාව සුදුසුකම් ලබයි.
-
2024-12-07 08:04 |
Views : 151
යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල මුලු ලකුණු අටක් වනවිට කඩුලු තුනක් බිඳ වැටුණ අතර (දුල්නිත් සිගේරා 2,පුලිඳු පෙරේරා 6,විමත් දිනසර 0) අනතුරුව සිව්වන කඩුල්ලට ශාරුජන් ෂන්මුගනාදන් (42) සහ ලක්වින් අබේසිංහ ලකුණු 93 ක සබඳතාවයක් ගොඩ නැගූහ.
ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් සාර්ථක වූ ලක්වින් අබේසිංහ පන්දු 110 කින් හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් තුනක් සමඟින් ලකුණු 69 ක් රැස් කරන විට පන්දු වාර 46.2 කදී සියලුම දෙනා දැවී ලකුණු 173 ක් රැස් කළේය.
ලකුණු හඹායාමට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් පන්දු 17 කින් ලකුණු 50 ක් වේගයෙන් රැස් කළේය.එහිදී ආයුෂ් මත්රේ (34) සහ වෛභව් සූර්යවංශි පළමු කඩුල්ලට පන්දු 51 කින් ලකුණු 91 ක දායකත්වයක් දැක් වූහ.ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අසරණ කල වෛභව් සූර්යවංශි පන්දු 36 කින් ලකුණු 67ක් ලබාගන්නා විට ඊට හයේ පහර පහක් සහ හතරේ පහර හයක් අන්තර්ගත විය.ඔවුන් ඉලක්කය පන්දුවාර 21 යි පන්දු 4 කදී සපුරා ගත්තේය.
ශ්‍රී ලංකා යොවුන් පිල 173/10 ප.වා 46.2 යි- ශාරුජන් ෂන්මුගනාදන් 42 ලක්වින් අබේසිංහ 69 චේතන් ෂර්මා 3/34 කිරන් චෝමලේ 2/37 ආයුෂ් මත්රේ 2/37
ඉන්දීය යොවුන් පිල 175/3 ප.වා 21.4 යි-ආයුෂ් මත්රේ 34 වෛභව් සූර්යවංශි 67 සී සිද්ධාර්ත් 22 මොහොමඩ් අමාන් 25 විහස් තෙව්මික 1/33 විරාන් චමුදිත 1/38 ප්‍රවීන් මනීෂ 1/27