රෙහාන් පීරිස්ගෙන් ශතකයක්.

    2024-12-07 09:46   |    Views : 209

රෙහාන් පීරිස්ගේ නොදැවී ලබාගත් ශතකය සමගින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩාම අතර පැවැත්වෙන දෙවන තුන් දින ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකාව අ.වු 17 න් පහළ කණ්ඩායම ප්‍රථම දිනයට (06) තරගය අයහපත් ආලෝක මට්ටම හේතුවෙන් නතර කරනවිට පන්දුවාර 80 කදී කඩුලු 7 කට ලකුණු 283 ක් ලබා සිටියි.මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේදී ලකුණු 24 ක් වන විට නෙතුල එදිරිමාන්න (03) දැවී ගියේය.ඉන් අනතුරුව අනෙක් ආරම්භක පිතිකරු වූ සමගින් රජිත් නවෝද්‍ය (48) දෙවන කඩුල්ලට ලකුණු 64 ක සම්බ්න්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ස්ථාවරත්වයකට රැගෙන ආහ.

දිනය පුරා කඩුල්ලේ නොදැවී සිටි රෙහාන් පීරිස් පන්දු 250 ට ලකුණු 139 ක් රැස් කරමින් පළමු දිනයේ වැඩි ගෞරවයක් දිනා ගත්තේය.ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර දහ අටක් අන්තර් ගත විය.

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පළමු දිනයට කඩුලු 7 කට 283 යි-රෙහාන් පීරිස් නොදැවී 139 රජිත් නවෝද්‍ය 42 සෙනුජ වැකුණගොඩ 30 කිත්ම විතානපතිරණ 28 ජෝෂුවා සෙබස්තියන් 17 අහසනුල් හක් 3/47 අබ්දුර් රහීම් 2/42

Share on Facebook Share on WhatsApp Share on Viber