
සිංගර් සමාගමේ අනුග්‍රහයෙන් වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ 31 වැනි සිංගර් කුසලාන ඒ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව දිනා ගැනිමට ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවර්න්ස් සමාගම පසුගියදා සමත්විය. අවසන් මහා තරගය වෙළද සේවා ක්‍රිකට් සංගම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී මැලිබන් බිස්කට් සමාගමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවර්න්ස් සමාගම සමත් වූයේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවර්න්ස් සමාගම ඕවර 34 කදී කඩුලු 9 ක් දැවී සිය ඉලක්කය පසුකර යෑමට සමත්විය. අවසන් ලකුණ කරා පිතිකරුවන් දිව යාමේදී කඩුලු රකින්නා නිසියාකාරයෙන් කඩුල්ල බිඳ දැමුවේ නම් සම ශූරයන් ලෙස තරගාවලිය අවසන් කිරීමට කණ්ඩායම් දෙකටම සිදුවනු ඇත.
ගවිරු සෙන්හස් ලකුණු 23 ක්, අසෙල් සිගේරා ලකුණු 29 ක් සහ අනුක් ප්‍රනාන්දු ලකුණු 22 ක් ලබාගනිමින් ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවර්න්ස් සමාගම ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.
දුෂාන් විමුක්ති ලකුණු 32 කට කඩුලු 4 ක් සහ දුෂාන් හේමන්ත ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගනිමින් ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවර්න්ස් සමාගමට දැඩි පීඩනයක් එල්ල කළ ඔවුන්ගේ ජයග්‍රහණය වලකාලන්නට ඔවුන් අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනාගත් ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවර්න්ස් සමාගම පළමුව පන්දුවට පහරදීම සඳහා මැලිබන් බිස්කට් සමාගමට ආරාධනා කළ අතර ඕවර 32.1 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 160 ක් පමණි.
සංගීත් කුරේ වේගවත් ආරම්භයක් ලබාගත්තද ලකුණු 65 කට කඩුලු 5 ක් දැවී තිබියදී රනේෂ් සිල්වාගේ ඉවසිලිවන්ත පිතිහරඹයත්, උඩපන්දුවක් අතෑරීම හේතුවෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මිලින්ද සිරිවර්ධනගේ පිතිහරඹයත් හේතුවෙන් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා තම කණ්ඩායම රැගෙන යාමට ඔවුන් සමත්වූහ.
රනේෂ් සිල්වා පන්දු 63 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 53 ක් ද, මිලින්ද සිරිවර්ධන පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් සහ සංගීත් කුරේ පන්දු 27 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 28 ක් ද ලබාගැනීමට සමත්වූහ.
චාමික ගුණසේකර ලකුණු 31 කට කඩුලු 4 ක් සහ නිමේෂ් විමුක්ති ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මැලිබන් බිස්කට් - ඕවර 32.1 කදී සියලුදෙනා දැවී 160
(සංගීත් කුරේ 28, මිලින්ද සිරිවර්ධන 32, රනේෂ් සිල්වා 53, චාමික ගුණසේකර 31/4, නිමේෂ් විමුක්ති 32/2)
ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවර්න්ස් සමාගම - ඕවර 34 කදී කඩුලු 9 ක් දැවී 161
(ගවිරු සෙන්හස් 23, අසෙල් සිගේරා 29, අනුක් ප්‍රනාන්දු 22, දුෂාන් විමුක්ති 32/4, දුෂාන් හේමන්ත 50/3)