කාන්තා අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් බී කාණ්ඩයෙන් තරග වැදුණු මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 94 ක ජයක් හිමි විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු හතරකට ලකුණු 153 ක් කළේය. පස්වන කඩුල්ලට ලිමංසා තිලකරත්න සහ මනුදි නානායක්කාර පැවැත්වු සබඳතාවය 107 කි.එහිදී යෙවුන් නායිකා මනුදි පන්දු 40 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 74 න් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ට 153 යි-ලිමංසා තිලකරත්න නොදැවී 41 මනුදි නානායක්කාර නොදැවී 74 ඉස්මා ඩානියා 1/28
මැලේසියා යොවුන් කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට 59 යි-නුරිමන් හිදායා 10 නූර් රොස්ලාන් 12 හිරුණි හංසිකා 2/2 අසේනි තලගුණේ 1/6 ප්‍රමුදි මෙත්සරා 1/7 රශ්මිකා සෙව්වන්දි 1/3